❄️💕the cat❄️💕

264 57 15
                                    

සති දෙකක් විතර ගෙවිලා ගියෙ හරිම මූසල විදිහට.මගෙ හියුන්ලත් නැති නිසා හවස ගෙදර ඉන්න උනෙ බාගෙට මැරිලා.ජිහී එදයින් පස්සෙ මගෙ මූණට හම්බවුනෙ නැති තරම්! එදත් මම වෙනදා වගේම office එකෙන් ඇවිත් වොෂ් එකක් දාගෙන සාලෙට ආවෙ film එකක්වත් බලන්න හිතාගෙන.ඒත් මම එහෙම්මම නතර උනෙ ජිහීගෙයි ගෙදර වැඩ කරන්න ඉන්න අජ්ජුම්මගෙයි කතාව ඇහිලා!

එයා ගොඩක් නපුරුයිඅජ්ජුම්මා!

නෑ නෝනා පුංචි මහත්තයව මං දන්නෙ පොඩි කාලේ ඉදන්ම.හරි අහිංසක චරිතයක්.ලොකු නෝනලගෙ මරණෙන් පස්සේ පොඩි මහත්තයා වෙනස් උනා නෝනා.පිටට සීතල චරිතයක් උනත්සීතල දරදඬු කෙනා අස්සෙ අහිංසකයෙක් හැංගිලා නෝනා.

පව් හියුන්.ඒත් අජ්ජුම්මා මට බයයි එයා බනීවි මම මෙහාට පූසෙක් ගෙනාවම..

නෑ නෝනා බනින එකක් නෑ අහලා බලන්නකෝ.

හරි එහෙනම්..

එයා එච්චරටම මට බය වෙලාද.මට මං ගැනම තරහක් ආවා.ජිහී තමුන්ට වැරැද්දක් කරලා නෑ පාර්ක් ජිමින්!

ජිහී kitchen එකෙන් එද්දිම ජිමින් ඉක්මනින් කාමරයට රිංගලා දොර වහගත්තෙ ජිහී තමන්ව හොයාගෙන එනවා කියල දැනුනු නිසා.ජිමින් හිතුවා වගෙම ජිහී කාමරෙ දොර ළඟට ආවා.

හි..හියුන් ඔයා වැඩකද? මට ටිකක් කතා කරන්න පුළුවන් ද?

ඇතුලට එන්න!

ජිමින්ගෙ රළු කටහඬ ට කෙල්ල ගැස්සිලා ගියා.

මොකක්ද තමුන්ට වෙන්න ඕන?

හියුන් බනින්නනං එපා.මම පූසෙක් ගෙනාවට කමක් නැද්ද.ඔයාට කරදරයක් වෙන්න ඉඩ තියන්නේ නැ ඇත්තමයි.

💕❄️🅢🅝🅞🅦 🅑🅐🅛🅛❄️💕 [ 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 ]Where stories live. Discover now