💕❄️Is his life in danger?❄️💕

224 48 0
                                    

ඒ අතරෙ ජිමින්ටත් කලකිරිලා තිබුණෙ.ජිහී දවසක්ම හිටියෙ නැති නිසා කොල්ලට උයාගන්න උනෙත් තනියම.උදේට ලුණු වැඩි හැම් එකක්,දවල්ට කරවුණු පෑන් කේක් එකක්....
අන්තිමට ජිමින් තීරණය කරා පලවෙනි වතාවට කෑම ඕඩර් කරන්න.ජිමින් gate එකෙන් car එක ඇතුලට දැම්මම දැක්ක දෙයින් ඇඟ සීතල වෙලා ගියා.ඒ තිබුණෙ ජන්කූක් ගෙ car එක.කොල්ලත් හොර පූසා වගෙ ඇතුලට යද්දි එතන හිටිය කෙනයි තිබ්බ දේවලුයි දැක්කමනං ජිමින්ට උඩ පැනලා නටන්න හිතුනා!
ඔව් ඔව් ජිහී ඇවිත් එයා ඩිනර් ඒකත් ලෑස්ති කරලා..ජිමින් දැක්ක ගමන් ජන්කූක් අතෙ තිබුණු රාමේන් එක කටවල් දෙකට කාලා දඩස් ගාලා නැගිට්ටා.ජිමින් හිටපු තැනම හිටගෙන ඉද්දි ජිහීට යන්නම් කියපු ජන්කූක් ජිමින් දිහාවට මාරාන්තික බැල්මක් දාගෙන යන්න ගියා!
කොහොම උනත් ජිහී ජිමිනුයි අතර කිසිම කතාබහක් ඇති වුනෙ නෑ!ඒත් ජිහී එයාට අයිති වැඩ කොටස හරියට කළා!ජිමින්ටනං පුදුමත් හිතුනා.
පහුවදා උදේම ජිහී ජන්කුක් එක්ක ගියෙ ජින් හියුන් ලගෙ apartment එකට.ඒ ටේ යි යුන්ගි හියුනුයි පැය විසිහතරක් යන්නත් කලින් යූනා ගැන මූලික විස්තර ටිකක් හොයාගෙන තිබුණු නිසා!

කුකියො,ජිහී, ඒ වගේම හියුන්ලා මම යූනාගෙ විස්තර ටිකක් හොයාගත්තා.
චෝයි යුන්ජි තමයි නම.හැබැයි එයාගෙ අප්පා ජිමින්ගෙ business partner කෙනෙක් නෙවෙයි.ඔය යුන්ජී කියන විදිහට  එයාගෙ අප්පා කියලා ලෝකෙට පෙන්නන කෙනා යුන්ජිගෙ ඔම්මයි අප්පයි නෙවෙයි!

මෝ???

ඔව් මතකද මේ ළඟදි චෝයි ජේහියුන් එහෙම නැත්නම් යුන්ජිගෙ අප්පා කියන කෙනා blood pressure ඇවිත් hospital නැවැත්තුවා!මීට මාසෙකට විතර කලින් යුන්ජිත් ඒ hospital එකටම ඇවිත් blood donation එකකට සම්බන්ධ වෙලා තියනවා!මම ඔය blood සාම්පල් දෙකම DNA ටෙස්ට් එකකට දැම්මා.ඒත් result negative.ඒ  කියන්නෙ චෝයි ජේහියුන් කියන කෙනා චෝයි යුන්ජිට ඥාති බැඳීමක්වත් නෑ!!

එතකොට ඔයා කියන්නේ ටේ,යුන්ජි ජිමින්ට බොරු කරනවා කියලද?

ඔව් ජින් හියුන් එහෙම වෙන්න ඕන.එක්කො ජිමින්ගෙ සල්ලි වලට පෙරේත කමට කරෙ එල්ලුනු කෙල්ලෙක්.එහෙම නැත්තං කාගෙ හරි උවමනාවකට වැඩ කරන ඉත්තෙක්!

💕❄️🅢🅝🅞🅦 🅑🅐🅛🅛❄️💕 [ 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 ]Where stories live. Discover now