💕❄️The real enemy❄️💕

203 46 29
                                    

පහුවදා ජිමින්ට ඇහැරුණෙ ඔළුවෙ බර ගතියත් එක්කම.ඔව් අඬලා අඬලා කොල්ලට ජිහීගෙ room එකේම නින්ද ගිහින් තිබුණා.කොල්ලා වොෂ් එකකුත් දාගෙන පහලට ගියෙ කන්න මොනා හරි හොයාගන්න.එයාට මැවිලා පෙනුනා ජිහී එයා වෙනුවෙන් කෑම හදපු විදිහ.එයාට මතක් උනෙ ජිහීගෙ කිමිචි රයිස්!කොල්ලගෙ ඇස් වලට නොදැනීම ආයෙත් කදුළු ඉනුවා.ජිමින් කදුළුත් පිහිදගෙන heater එක ගැහුවෙ coffee එකක්වත් හදාගන්න කියල. ඒත් එයා දැක්කෙ heater එකෙ අලවලා තියන නෝට් එකක්!කොල්ලා ඉක්මනින් ම නෝට් එක අතට අරගෙන දිග ඇරියා!

හියුන්!

හවස යන්න කලබලෙ නිසා අජ්ජුම්මට කෝල් කරන්න බැරි උනා නේද?ඔයාට හෙට කන්න topokki හදලා ෆ්‍රිජ් එකට දැම්මා.රත් කරගන්න පුළුවන් නේද?මතක ඇතුව අජ්ජුම්මට කතා කරන්න හියුන්! පරිස්සමින් ඉන්න.

ජිහී.

ජිමින් එහෙම්මම බිම ඉදගත්තා.

ඔයා මෙච්චර අහිංසක උනෙ කොහොමද රත්තරන්!

ජිමින් තමන්ගෙම කොණ්ඩෙන් ඇද ගන්න ගමන් ඇඬුවා.අඬලා අඬලා හෙම්බත් වෙලා හිටපු ජිමින් ඉදගත්ත තැනින් නැගිටලා ගිහින් ෆ්‍රිජ් එක ඇරියා.අහිංසක හිනාවක් එක්ක topokki භාජනය අතට අරගත්තු ජිමින් ඒකත් රත් කරගෙන කාලා ලෑස්ති උනෙ company එකට යන්න. එයා දොර ඇරගෙන එලියට යන්න හදනකොටම එතනට ආවෙ ජින් හියුන් වගේම ටේ!

ගුඩ් මෝනින් හියුන්!ගුඩ් මෝනින් ටේ!

ජිමිනො වැඩේට ලෑස්තිද?

ජින් ඇතුලට ආවෙ ජිමින්වත් තල්ලුකරගෙනම!

මොන වැඩේද හියුන්!

උබට සනීප නැද්ද කොල්ලො

එහෙම නෑ හියුන්

කටහඬ අමුතුයි ඒකයි.

ආ නෑ හියුන් නිකන්.මොන වැඩෙ ගැනද ඔයා කියන්න ගියෙ.

💕❄️🅢🅝🅞🅦 🅑🅐🅛🅛❄️💕 [ 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 ]Where stories live. Discover now