❄️💕snow ball❄️💕

233 43 10
                                    

ජි..ජිමින් හියුන්!!

කෙල්ල ජිමින්ගෙ කම්මුලට තට්ටු කරලා වතුර ඉස්සෙ කොල්ලට සිහිය ගන්න.ටිකෙන් ටික ජිමින්ගෙ ඇස් ඇරෙද්දි ජිමින් දැක්කෙ එයා ඉස්සරහ ඉන්න ජිහීව.

ජි..ජිහී මේ ඔයාමද?

තාමත් මත් ගතියෙන් ඉන්න ජිමින් ජිහීගෙ අතින් අල්ලගෙන ඇහුවෙ ඇස් වලින් නිමක් නැතිව කදුළු ගලාගෙන යද්දි.

ඔව් හියුන් මම ඔයා නෑ මම කිව්වෙ මම ජිහී තමයි හියුන්!

මම ඔයාගෙ ජිහී කියාගන්න කෙල්ලට පුළුවන් කමක් තිබුණෙ නෑ!

ජිමින් එකපාරටම නැගිටලා ජිහීව තද කරලා බදාගත්තෙ ජිහීවත් පුදුම කරවලා!

ඔයත් මාව දාලා යන්න එපා ජිහී.මම මැරෙයි ජිහී.යූනා එයා කොහොමද මට එහෙම කළෙ ජිහී.වෙන කොල්ලෙක් මහ පාරෙ කිස් කරෙ කොහොමද!මට රිදෙනවා ජිහී ගොඩක් රිදෙනවා!

කොල්ලගෙ ගැහෙන උරහිස් වලින් ජිහීට තේරුණා කොල්ලා අඬනවා.ඒත් ජිමින්ටත් වඩා වැඩි වේදනාවක් කෙල්ලට දැනුනා කියලා ජිමින්ට තේරුම් ගන්න පුළුවන් උනානම්!!

හියුන් මම ඔයාව දාලා කොහෙවත් යන්නෑ.බලන්න ඔයා තෙමිලා ඇඳුම් මාරුකරගන්න හියුන්!ඔයා ලෙඩ වෙයි!

ජිහී කිව්වෙ තමන්ගෙ ඇස් වලින් ගලන කදුළු වලට ඔහෙ ගලාගෙන යන්න ඉඩ දීලා!දෙන්නම දෙවිදිහකට විදෙව්වා තමන්ගෙ ආදරය වෙනුවෙන්!ජිහී විදෙව්වා ලැබිලත් ලබාගන්න බැරි ආදරයක් වෙනුවෙන්!ජිමින් විදෙව්වා තමන්ගෙ පලවෙනි ආදරය වෙනුවෙන්!

ජිමින්ව තමන්ගෙ ඇඟට වාරුකරගත්ත ජිහී ජිමින්ව එයාගෙ room එකට එක්කරගෙන ගියා.

හියුන් වොෂ් එකක් දාගන්න.ඔයා රස්නෙයි.තෙමුන නිසා උණ හැදෙන්නද දන්නෑ!

ජිහී ජිමින්ව කාමරෙ තනි කරලා දොරත් වහගෙන දොරට හේත්තු උනෙ තමන්ගෙ වේදනාව කදුළු වලට හරවන ගමන්. කෙල්ල දන්නවා ජිමින්ගෙ ආදරෙ එයාට නෙවෙයි කියලා.ජිමින්ගෙ ආදරය තිබුණෙ ජිමින්ගෙ මාරයා ළඟ කියන එක ජිහී දැනගෙන හිටියා!ඒත් යූනට ජිමින්ගෙ ආදරය සෙල්ලමක් උනාට ජිහී දැක්කා ජිමින්ගෙ ඇස් වල යූනා වෙනුවෙන් තිබුණු ආදරය!ජිහී ට තිබුණා යූනා කියන්නෙ කොරියාවෙ දරුණුම පාතාල නායකයගෙ දුව කියලා ජිමින්ට ඔප්පු කරන්න.ඒත් ඒදෙ නොකර කෙල්ල කොල්ලව පරිස්සම් කලෙ ජිමින් යූනට දුන්න ආදරෙ වටිනාකම කෙල්ලට තේරුණු නිසාමයි!

💕❄️🅢🅝🅞🅦 🅑🅐🅛🅛❄️💕 [ 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 ]Where stories live. Discover now