💕❄️the diary❄️💕

209 43 23
                                    

එදා රෑ ජන්කූක් ගෙයි ජිහීගෙයි පවුලෙ අය වගේම ජිමිනුත් එයාලගෙ හියුන්ලා එක්ක airport එකට ගියෙ අන්තිම වතාවට ජන්කුක්ටයි ජිහීටයි අවුරුදු හතරකට සමුදෙන්න! පවුලෙ අයට කතා කරපු ජන්කූක් වගේම ජිහිත් ඊලගට හැරුණෙ එයාලගෙ හියුන්ලා දිහාවට.දෙන්නම ජින් හියුන් ගෙ කරට පැන්නෙ ජිමින් ඇර අනිත් හියුන්ලා පස් දෙනාම ඒ දෙන්නව එක පොදියට බදාගනිද්දි!

පරිස්සමින් ඉන්න මගෙ පොඩ්ඩො දෙන්නා!දඟ වැඩ එහෙම කරනවා නෙවෙයි හරිද?

ජින් හියුන් කිව්වෙ ජන්කූක් ට ටොක්කක් ඇනලා ජිහීගෙ කොණ්ඩෙ අවුල් කරද්දී.

ඔව්US වලට කොරියාවෙ CID එක ගේන තත්වෙට වැඩ කරන්න එපා ඩබල!

ටේ කිව්වෙ කට ඉරක් වගෙ හදාගෙන.ඒ තරමට ඩබලගෙ වැඩ ගැන එයාලගෙ හියුන්ලට හොඳ අවබෝධයක් තිබුණා!

ඇති යන්තං මට පාඩුවෙ නිදාගන්න පුලුවන්!

එහෙම කිව්වෙ යුන්ගි.ඇයි ඉතිම් ඔය ඩබල හියුන්ලගෙ ගෙදර ගියාම ඉස්සල්ලම කරන්නෙ නිදාගෙන ඉන්න පූසව ඇහැරවන එක!

පරිස්සමින් ගිහින් එන්න ඩබල ආදරෙයි ඈ!

එහෙම කිව්වෙ හොබී හියුන්!

යාහ් නට නට ඉන්නැතුව හොඳට වැඩ ටික කරගන්න ඩබල! මගෙ සමීකරණ අනුව පෙනී යන්නේ.....

හරි හියුන් අපි දෙන්නා ඩිග්‍රිය අරන්ම එන්නං.

ජන්කූක් මැදට පැනලා කිව්වෙ එයාලගෙ නැම්ජුන් හියුන් සමගාමී සමීකරණ ,වර්ගජ ප්‍රකාශන වලින් අධ්‍යාපනයේ වටිනාකම ගැන ලස්සන දේශනයක් දෙන්න ලෑස්ති උන නිසා!

ඊට පස්සේ ජන්කූක් හැරුණෙ ජිමින් දිහාවට.කොල්ලා කිසි හැඟීමක් නැතුව ජන්කූක් දිහා බලාගෙන හිටියා!ඔව් ජිමින් වැරදි තමයි.එයා රිද්දුවෙ තමන්ගෙ නංගිට.අන්තිම අසාධාරණයි තමයි.ඒත් තවමත් ජිමින් කියන්නේ ජන්කූක් ගෙ චූටි හියුන්!දෙන්නා රණ්ඩු උනා තමයි.ඒ ජිහීට රිද්දුව නිසා!ඒත් තවමත් ජන්කූක් ගෙ චූටි හියුන් ජිමින්ම තමයි! අන්තිමට ජන්කූක් කතා කළා.

💕❄️🅢🅝🅞🅦 🅑🅐🅛🅛❄️💕 [ 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 ]Where stories live. Discover now