💕❄️marriage❄️💕

571 62 13
                                    

යා ජිමිනා හිනා වෙලා ඉන්නවකො!තමුසෙගෙ වෙඩිම නේත!

ඔයා හොඳටම දන්නවා ටේ මං මේකට කැමති නෑ.එයත් තාම පොඩි ළමයෙක්!

අවුරුදු 20 ක් කියන්නෙ පොඩීද උබ කතා කරන්නේ හරියට හතලිහ පැනලා වගෙ නෙ.

ඒ උනත්!

මෙහෙ එනවා යන්න.

ඇත්තටම ඇයි කාටවත් මාව තේරුම් ගන්න බැරි.මම පුංචි කාලෙ ඉදලම ඔම්මා , අප්පා නැතුව විදෙව්වා.අප්පගෙ බිස්නස් වලට පොඩි කාලෙ ඉදලම පුරුදු වෙන්න උනා.ගොඩක් සල්ලි තියන කොරියාවෙ අංක එකෙ company එකෙ හෙඩ් අනාථයෙක්!

ඔම්මා අප්පා ඔයාලට මාව ඇහෙනවද?ඇයි එදා මාවත් ඔයාලා ළඟට ගත්තෙ නැත්තෙ.කිසිම බැඳීමක් ඇති කරගන්න අකමැති උන මට business proposal එකකට යටත් වෙන්න වෙලා ඔම්මා! ලොකු තාත්තගෙ කීම අහක දාන්න බැරිකමටයි කැමති උනෙ.අඩුම තරමෙ එයාලා මගෙ ආදරේටවත් අවසර දෙන්නෑ ඔම්මා!ඒ පුංචි කෙල්ලව බඳින්න හහ් විකාර..

ඔය කල්පනා කරා ඇති පුතා.මේක ඔයාගෙ ජීවිතෙ වැදගත්කම දවස.ජිහී හොඳ කෙල්ලෙක් පුතා.අහිංසකයි.ඔයා දවසක සතුටු වෙයි අද දවස ගැන.

සතුටු වෙන්නද අඬන්නද?මගෙ කෙල්ල මොනා කරනවා ඇත්ද?යූනාට කෝල් එකක් ගන්නවත් විදිහක් නැති හැටි!

හරි ලොකු තාත්තා මං එන්නම්.

අන්තිමට ඒ දේ උනා.කවදාවත් කතා කරලවත් නැති පොඩි කෙල්ලෙක් මගෙ ජීවිතේට ආවා.

ජිහී මගෙන් ඈත් වෙලා ඉන්න.මම උපරිම හොඳින් කියන්නෙ.තේරෙනවනෙ මං මේ මැරේජ් එකට පොඩ්ඩක්වත් කැමති නෑ!

මැරේජ් එකෙන් පස්සේ ජිහී එක්ක apartment
එකට ආපු මම පලවෙනියටම එයාට කළේ තර්ජනයක් ද? මොකක් හරි..ඒත් ඒ කෙල්ල මම හිතුවෙවත් නැති උත්තරයක් දුන්නෙ.

මං දන්නවා හියුන්!මට කන්නයි බොන්නයි නිදාගන්නයි තිබ්බනං හොඳටම ඇති!

දත් තිස් දෙකම පෙන්නලා මට හිනා උනු කෙල්ල උඩට දිව්වෙ නෑ නෑ දිව්වා කියන්න බෑ පැන පැන ගියෙ පොඩි එකෙක් වගෙ.

මෝ??පොඩි එකෙක්!!

'අපේ දුව තාම පොඩි ළමයෙක් වගෙ පුතා.එයාව හොඳට බලාගන්න' ජිහීගෙ අප්පගෙ වචන.යාහ් ජිමිනො ඔහේටත් වැටෙන බාල්දි.මොන වගෙ පොඩි එකෙක්ද දන්නෑ.අවුරුදු 24ට බබාලත් බලාගන්න උනානෙ.ෆයිටීන් ජිමිනො!!

💕❄️🅢🅝🅞🅦 🅑🅐🅛🅛❄️💕 [ 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 ]Where stories live. Discover now