❄️💕 white rose ❄️💕

214 43 26
                                    

ජිමින් ඇස් දෙක වහගෙන ජීහීව බදාගත්තෙ තමන්ගේ හදවත වේගයෙන් ගැහෙද්දි.එක පිට එක වෙඩි හඬවල් තුන හතරක් ඇහිලා මුළු පරිසරයම නිහඬ උනෙ party එකට ආපු කට්ටියගෙ සුසුම් හඬවල් විතරක් ඇහෙන්න සලස්වලා.ජන්කූක් බිම ඉදගෙනම හිටියෙ එයාට තාමත් කිසි දෙයක් හිතාගන්න බැරි වෙද්දී.ජිමින් හෙමීට ඇස් දෙක ඇරලා බැලුවෙ එයාගෙ හිම බෝලෙ දිහා.කෙල්ල ඇස් දෙක අඩවන් කරගෙන සෞම්‍ය හිනාවකින් ජිමින් දිහා බලාගෙන හිටියා.බිම එලල තිබුණු කාපට් එකට උණු ලේ බිංදුවක් වැටෙද්දි ජන්කූක් ගැස්සිලා හරි සිහියට ඇවිත් ජිමින් දිහා බලද්දි කොල්ලාගෙ ඇස් දෙක ලොකු උනෙ වචනයක් වත් පිට නොවෙද්දි!තමන්ගෙ අතට දැනුනු තෙත ගතියට ජිමින් ජිහීගෙ පිටෙන් අත අයින් කරලා අත දිහා බැලුවා!!කොල්ලා දැක්ක දේ!ඔව් ජිහී ගෙ ලේ! ජන්කූක්ව තල්ලු කරලා ජිමින්ව බදාගද්දි තමයි කෙල්ලට වෙඩි වැදුණෙ!

ජිහී.....!!!

ජිමින් හයියෙන් බෙරිහන් දුන්නා.ටේ හිය්‍යුන් යුන්ගි එක්ක තමන්ගෙ team එකත් අරගෙන යද්දී අනිත් හියුන්ලත් දුවගෙන ආවා.ජිහී පණ නැතිව එහෙම්ම කඩාගෙන වැටෙද්දි ජන්කූක් වගෙම  ජිමින්ගෙන්  ඇස් වලින් නිමක් නැතිව කදුළු ගලාගෙන ගියා!

ජිහී බූ ඇස් අරින්න රත්තරනෙ!ඔයාගෙ බනී හියුන් ඉන්නවා මැණික.ඇස් අරින්න ජිහියා.විහිළු කරන්න එපා!!

ජන්කූක් ජිහීව තමන්ගෙ අත් අතරට අරගෙන පිස්සෙක් වගෙ අඬද්දි ජිමින් තමන්ගෙ පපුවත් අල්ලගෙන එහෙම්ම වැටුණෙ තමන් මෙච්චර වෛර කරපු ජිහී අද තමන් වෙනුවෙන් ම පණ අඳිද්දි.

ජිහියා ප්ලීස් මට ආදරෙයි නං ජීවත් වෙන්න මගෙ හිම බෝලෙ!

ජිමින් මහා හඬින් අඬන ගමන් කෑගහුවා.ජිමින්වත් ජන්කූක් වත් ඒ වෙලාවෙ හිටියෙ හරි සිහියෙන් නෙවෙයි නිසා ජින් හියුන් ජිහීව උස්සගෙන දිව්වෙ කෙල්ලව hospital අරගෙන යන්න! ජන්කූක් ට ඇති උනු ශොක් එකත් එක්ක කොල්ලා සිහිය නැතුව නැම්ජුන්ගෙ අත්වලට කඩාගෙන වැටෙද්දි ඔහෙ වැටිලා අඬ අඬ හිටපු ජිමින්වත් අරගෙන හොබී ඉක්මනින් හොස්පිටල් ගියා!

ජිහීව ඔපරේෂන් එකට අරගෙන දැනට පැය හයක්!ජිමින් ICU එකෙ දොර පාමුල වැටිලා හිටියෙ මල මිනියක් වගෙ! ජන්කූක් සිහිය ආපු වෙලාවෙම දිව්වෙ ICU එක ළඟට.කොල්ලා බිත්තියට හේත්තු වෙලා රූටලා ගිහින් බිම ඉදගත්තෙ ටික වෙලාවකට කලින් තමන්ගෙ කරෙ එල්ලිලා සෙල්ලම් කරපු තමන්ගෙ නංගි දැන් වෙද්දි ඔහෙ ඇඳකට වෙලා ඇස් පියාගෙන ඉන්න එක දරාගන්න බැරි වේදනාවක් නිසා.කොල්ලට දැනුනෙ එක පාරට පිහි දාහක් තමන්ගෙ පපුවට අනිනවා වගෙ හැඟීමක්!

💕❄️🅢🅝🅞🅦 🅑🅐🅛🅛❄️💕 [ 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 ]Where stories live. Discover now