💕❄️his changed life ❄️💕

220 40 6
                                    

පහුවදා උදෙන්ම ජන්කූක් ජිමින්ගෙ apartment එකට කඩාගෙන පැන්නෙ ඊයෙ දවසටවත් ජිහීව බලන්න බැරි උනු නිසා.ජිහීව හොයාගෙන සාලෙට ආව කොල්ලා kitchen එක පැත්තට ගියෙ හිනාවෙන හඬක් ඇහුණු නිසා.එතනට ගියාම කොල්ලා දැක්ක දේ!ජිහී ජිමින්ටත් ගහ ගහ හිනාවෙනවා!! ජන්කූක් ජන්ශොක් වෙලා ඇස් දෙකත් අත් දෙකෙන්ම පොඩි කලේ මේ වෙන දේවල් ඇත්තද බලන්න!ජිමින් හිනාවෙලා වැඩි වෙලා පුටුවෙන් බිමට වැටෙද්දි ජිහීගෙ හිනාව තවත් වැඩි වුණා! ජන්කූක් ගෙ ඇස් වලට කදුළු පිරුණෙ තමන්ගේ නංගි අද වෙනදටත් වඩා සතුටින් ඉන්න නිසා! ඒකට නම් ජන්කූක් ජිමින්ට තමන්ගේ හිතෙන් ගොඩක් පිං දුන්නා.

අහම්...අහම්...

ජන්කූක් බැරිම තැන උගුර පෑදුවෙ ජිහීවයි තාමත් බිම ඉදගෙන හිනාවෙන ජිමින්වයි හරි සිහියට ගන්න.හැබැයි ඉතින් උනෙ අනිත් පැත්ත! ජන්කූක් දැක්ක ගමන් ජිමිනුයි ජිහියි තවත් හයියෙන් හිනාවෙන්න පටන් ගත්තා.ජන්කුක්ගෙත් ඉවසීමෙ සීමාව අන්තෙටම ගිහින් ජිහීව තද කරලා බදාගත්තා.

දැන් කියමු බලන්න ඔය කොට හියුනුයි ජිහි බූ යි හිනාඋනෙ මොකද කියලා!

ජන්කූක් තමන්ගේ ගැඹුරු හඬන් කියද්දී ජිහී ජන්කුක් දිහාවට ෆොටො එකක් දික් කරෙ ජිමින් අතින් කට වහගෙන දත් හපාගෙන හිනාව තද කරගනිද්දි.ෆොටො එක දැකලා මුළු මූණම රතු වුණු ජන්කූක් ව දැකලා දෙන්නා තද කරගෙන හිටපු හිනාව ආයෙත් එලියට දැම්මා! ජන්කූක් හෙමීට මාරු වෙලා සාලෙට ගිහින් සෝෆා එකෙ කොට්ටයක් අස්සෙ මූණ ඔබාගත්තෙ දැනුනු ලැජ්ජාවට!

අන්තිමට ජිමින් හෙමීට සාලෙට ආවෙ ජන්කූක් කොහෙද බලන්න.ජිමින් එතනට යද්දි කොල්ලා දැක්කෙ තමන්ගේ ඇඟිලි එක්ක සෙල්ලම් කරන ගමන් බිම බලාගෙන ඉන්න ජන්කුක් ව.

කුකී....

ජිමින්ගෙ හඬට ජන්කූක් ඔළුව උස්සලා බලල ජිමින්ට රැව්වා.

ඔයා මොකටද ඒක ජිහීට පෙන්නන්න ගියෙ හියුන්.දැං ජීවිත කාලෙටම ඕක කිය කිය මාව බයිට් එකට ගනීවි.

කොල්ලා කටත් උල් කරගෙන ජිමින්ට රවන ගමන් කිව්වා!

සොරි කූක්.මට ඕක හම්බුනෙ අද උදේ! ඉතින් මට ඕක ජිහීට දෙන්න හිතුනා.මට හිනාගියෙ එයාගෙ හිනාවට!

💕❄️🅢🅝🅞🅦 🅑🅐🅛🅛❄️💕 [ 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 ]Where stories live. Discover now