❄️💕The beginning of a new life ❄️💕 ( FINAL CHAPTER)

239 43 24
                                    

ජිමිනුයි අනිත් හියුන්ලයි හරියටම අවුරුදු හතරකට පස්සෙ එදා ජිහීලට සමුදුන්න තැනටම ඇවිත් ඉන්නෙ අද එයාලගෙ දඟ මලු දෙක අවුරුදු හතරකට පස්සෙ ආයෙමත් කොරියාවට එන නිසා.එයාලත් එක්ක හීජිනුත් ඇවිත් හිටියා.ඔව් එයා US ඉදලා ආයෙමත් කොරියා ආවෙ සෝල් university එකෙන්ම එයාගෙ degree එක complete කරන්න.US ඉදලා එන flight එක කොරියාවට ආවා කියන announcement  එක ඇහුණු ගමන් ජිමිනුයි හීජිනුයි වමටයි දකුණටයි මාරුවෙන් මාරුවට ඇවිද්දා!

යාහ් ඔය ඩබල කැරකෙන එක නවත්තනවා!මගෙ මොලෙත් එක්ක කැරකෙනවා!

ජින් හියුන් කෑ ගැහුවට මොකද ජිමිනුයි හීජිනුයි නම් හිටියෙ ජිහීගෙයි ජන්කූක් ගෙයි සිහියෙන්!

අන්න එයාලා!

හොබී හියුන් බෙරිහන් දුන්නම කට්ටියම බැලුවෙ හොබී පෙන්නපු දිහා!සෙට් එකගෙම කටවල් බාගෙට ඇරුණෙ ජන්කූක් ව දැක්කම.එයා තවදුරටත් අවුරුදු 21 ක පොඩි කොල්ලෙක් වගෙ පෙනුනෙ නෑ! eyebrow piercings එක්ක මුළු අතක් පුරාවට ටැටූ ඇඳලා තිබුණා.අවුරුදු 25 ක කඩවසම් කොල්ලෙක් එයාලා ඉස්සරහට එනවයි පෙනුණෙ.

දැන් නම් මේකා මගෙ ඇඟට පැන්නොත් මට වෙනම කොන්දක් හොයාගන්න වෙන තත්වයක් තියෙන්නෙ කොල්ලනෙ!

ජින් හියුන් කිව්වෙ ගොඩක් අසරණ විදිහට අනිත් අය දිහා බලලා.ඇයි ඉතිං කට්ටියම දැනගෙන හිටියා ජන්කූක් ගොඩක් ම ක්ලොස්  අපෙ ජින් හියුන් ට කියලා!

අනිත් පැත්තෙන් ජිහී අවුරුදු 24 ක ලස්සන කෙල්ලෙක්!එයාගෙ හුරතල් පෙනුම තවත් වැඩි වෙලා තිබුණා. professor ලා දෙන්නෙක්ට වඩා ජන්කූක්වය ජිහීවයි පෙනුනෙ මොඩ්ලින්ලා දෙන්නෙක් විදිහට! හැබැයි කට්ටියට ඒ දෙන්නව වැඩි වෙලාවක් රස විඳින්න හම්බුනෙ නෑ.ජිහී හිටියෙ ජන්කූක් ගෙ කොණ්ඩෙන් අදින ගමන්.ජන්කුක් ජිහීට ටොකු අනින ගමන් හිටියෙ.

දෙයියනෙ මුන්ට airport එකෙවත් හරියට හැසිරෙන්න බැරි හැටී!

ජින් හියුන් ඔයා වෙලාවකට අපෙ හැල්මොනි වගෙ අප්පා!

ටේ හිය්‍යුන් කිව්වෙ කම්මුලටත් අත තියාගෙන පොඩි ඩබලට බනින ජින් හියුන් ට.ජින් හියුන් ටේටත් ඔරවලා ආයෙත් ඉස්සරහ බලද්දී ජිහී හිටියෙ ජන්කූක් ගෙ කරෙ.ජන්කුක් ජිහීවත් වඩාගෙනම එයාලගෙ හියුන්ලා ගාවට දුවලා ගියා.

💕❄️🅢🅝🅞🅦 🅑🅐🅛🅛❄️💕 [ 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 ]Where stories live. Discover now