දඟකාරකමේ දෙවැන්න

1.2K 240 157
                                    

දඟමල්ල....

සුව නින්දේ උන්න බෝල කොලුවට කන ලගින්ම මියුසික් එකක් ඇහෙද්දි අත පත ගාලා කොල්ලා ෆෝන් එක හොයාගත්‍තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සුව නින්දේ උන්න බෝල කොලුවට කන ලගින්ම මියුසික් එකක් ඇහෙද්දි අත පත ගාලා කොල්ලා ෆෝන් එක හොයාගත්‍තා..

💚 අයියෝ... නින්ද මගේ....ඊහ්...

මෙට්ටෙටත් පයින් පහරක් ගහලා කොල්ලා නැගිට්ටේ ෆෝන් එකේ එලාම් එකත් ඕෆ් කරලා...

💚 මෙච්චර කලින් එලි වෙලාද අප්පා අද...

හක්ක පනින්න තරමින් ඈනුමක් ඇරලා යීබෝ ඇදේ එරමිණියා ගොතාගෙන වාඩි උනේ ඇස් දෙක නම් ආසාවට වත් අරින්නේ නැතුව..

💚 සීතලයිනේ අප්පාහ්...

කොල්ලා ඇස් දෙකත් ඇරලා බැල්කනියට ගියේ උදෑසන හිරු කිරණ ඇගට ගන්න උනත් කොල්ලගෙ ඇස් උඩ ගියේ තාමත් ලා අදුරක් වටපිටාවෙ තියෙන නිසා...

💚 යකෝ.. අද ඉර පායලා නැද්ද... නැත්තම් මගෙ එලාම් එක.........

යීබෝ යමක් මතක් වෙලා ආයෙමත් කාමරේට දිව්වේ ෆෝන් එකත් අතට අරන්... හරිනේ... වෙලාව තාම උදේ 6යි.. වෙනදට 8 වෙනකල් නිදියන කොල්ලා අද මේ 6ට නැගිටලා.. අද ඇකඩමියට යන දවසක් උනත් කොල්ලා 8ට තමයි වෙනදට නම් නැගිටින්නේ..

💚 මොකාද යකෝ එලාම් එක වෙනස් කරපු පරයා.. ඊහ්.. නින්දත් කෑවා...

යීබෝ කාමරේ ඉදන් උඩ පැන පැන කෑ ගැහුවේ තමන්ගෙ නින්ද කැඩුන තරහට.. හැබැයි ඒ තරහව තිබ්බේ විනාඩි ගානක් විතරයි... කොල්ලට ආවේ මහා නසරානි හිනාවක්.. මේ ගෙදර කොල්ලට මේ වගේ ගේමක් දෙන්න පුළුවන් එක්කෙනයි ඉන්නේ.. ඒ තමයී...

💚 වන්ග් යැංසී... තොරොම්බලී... අද ටෝව මන් කෑලී කෑලි වලට ඉරලා වංගෙඩියක දාලා කොටලා ඉස්ම ටික මිරිකලා කපුටොන්ට කන්න දානවා යකෝ.. කපුටු කාක් කාක් කාක්....

ද ඟ   ම ල් ල ✔️✔️ Zhanyi Where stories live. Discover now