දඟකාරකමේ දහතුන්වැන්න

850 230 97
                                    

දඟමල්ල බෝනස්

පිටිපස්සෙන් ඒ ලස්සන හීනී අහිංසක කටහඬ ඇහෙද්දි මගෙ පපුව වේගයෙන් ගැහෙන්න ගත්තේ ඇයි කියලා මම දන්නෑ.. ඒත් මන් එක දෙයක් දන්නවා... මන් දැන් හැරෙන්න ඕනා කියලා පිටිපස්සට.. ඒත් එක පාරට..

💙 පපා.........පපා....පපා.........අනේ ඩැඩා...යේ පපා ඇවිල්ලෝ........ පපා....වඩන්නකෝ....

මගෙ පුතා ඇත්තටම චන්ගව දැකලා වගේ කෑ ගහන හඩ ඇහෙද්දි වඩාගන්න වඩාගන්න කියලා කෑ ගහනවා ඇහෙද්දි මන් හැරුනේ නෑ.. මගෙ කකුල් එක පාරම පිටිපස්සට හැරුනේ පුතා අඩන්න ගත්ත නිසා...

💚 පුතා.... ඇ... ඇයී....................

දෙ...දෙවියනේ.. චන්ගාහ්.... අනේ මගෙ චන්ගා මැණික රත්තරන් මන් මේ දකින්නේ හීනයක්ද.. මගේ මහත්තයා එයා ඇවිල්ලා.. මාව හොයන් ඇවිල්ලා... මගෙ රත්තරන් ඇවිල්ලා...

💚 චන්ගා.................... හබීහ්....

දෙයියනේ මාව නිකන් ලොක් වෙලා වගේ.. චන්ගා අංකල්ගෙ අතේ ඉදන් කුරු කුරු ගාන පුතුගෙ දිහයි අඩ අඩ බලන් ඉන්න මගෙ දිහයි බලනවා මාරුවෙන් මාරුවට..

අනේ මගෙ හුස්ම හිරවෙන්න වගේ දෙයියනේ.. එයා ඇවිල්ලා.. එයා මාව හොයන් ඇවිල්ල.. මන් කිව්වේ බොරු නෙවෙයිනේ.. මගෙ චන්ගා මැරිලා නෑ.. මේ ඉන්නේ මගෙ වස්තුව.. අනේ හිනාවෙන්නකෝ චුට්ටක්.. ඔයාගේ හිනාව දකින්න මන් කොච්චර පෙරුම් පිරුවද...

" බෝලේ....හ්... "

💚 චන්ගා.. මගෙ චන්ගා.. අනේ කොහෙද රත්තරන් ගිහින් හිටියෙ ම්ම්.. මාව බය කරා මහත්තයෝ ඔයා...😭😭😭 අනේ ඔයා ගොඩාක් ලස්සන වෙලා මගෙ ගගා...

මන් දන්නෑ මට නිකන් පිස්සු වගේ.. වටේ ඉන්න උන් අදාලම නෑ... මාස 10කින් මන් මගෙ චන්ගව දකින්නේ.. මන් ඒ බෙල්ලේ එල්ලිලා මගෙ චන්ගව ඉබගෙන ඉබගෙන ගියා.. මගෙ සුවද චන්ගා.. මගෙ මැණික...

💚 අනේහ්... ඇ.. ඇයී...

" ඔයා කවුද ඇයි.. මෙච්චර මාව ඉබින්නේ...😳😳😳😳 "

මොකක්ද... ඇයි ඔයා ඔහොම අහන්නෙ...දැන් විහිලු කරන්නත් පුරුදු වෙලාද.. පරක්කූ වෙලා ඇවිල්ලා දැන් විහිලු කරන්න ගත්තද..

ද ඟ   ම ල් ල ✔️✔️ Zhanyi Where stories live. Discover now