දඟකාරකමේ දොළොස්වැන්න

824 220 136
                                    

දඟමල්ල

පුරවා මා හද බොහො ඔබ ආදරයෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පුරවා මා හද බොහො ඔබ ආදරයෙන්..
කියා දුන්නා ජීවිතයේ රස යෙදුමන්..
නුඹයි පුතුයි හින්දම මම සැනසීමෙන්..
හුස්ම ගත්තා හැමදාමත් හරි සතුටෙන්..

සිටියද අප තිදෙනා එක් වී ආලෙන්..
ඇස් වහ වැදුනා අපේ පවුලට නපුරන්ගෙන්..
කුනාටුවක් හැමුවා අපේ ජීවිත
මැද්දෙන්..
පුතුයි මායි තනිකර ඔබ යන්න
ගිහින්..

අද Cover එක වගේම අපේ බෝලෙගේ හිතේ තියෙන හැගීම් අකුරු කෙරුවේ මගෙ නංගි මැණික... ගොඩාක් ලස්සනයි නංගියෝ දෙකම.. ❤️💚

💙 ඩැඩා.. මේන්.. ආන්තී අම්මා දුල්ලේ..

💚 හානේ.. බිස්කට් නේද.. කන්න පුතා..

💙 ඩැඩාට අපාද...

💚 නෑ මැණික මට එපා.. ඔයා කන්නකෝ.. මන් බෑග් ලෑස්ති කරනවනේ...

💙 මත යල්ල බෑ...🥺🥺🥺

💚 වැඩට යද්දි දවල්ට මෙහෙට ගෙනත් දානවනෙ මම.. පුතු සෙල්ලම් කරන්න හොදේ.. රෑට අපි අපේ ගෙදර යන්...

හරියටම සතියක් මන් ඇමරිකා ඇවිත්.. මන් එද්දිම බිනාගෙ මාමා මාව පිලිගන්න ආව නිසා මට අමාරු උනේ නෑ යන එක නම්..

එයාලා පුතාට ගොඩාක් ආදරේ නිසාම අපිට මෙහෙන් යන්න දුන්නෙම නෑනේ.. ඒත් එහෙම මිනිස්සුන්ට කරදර කරන්න මන් ආස නෑ.. තනි වෙන්නයි ඕන උනේ මට.. ඒ නිසා පොඩි එපාට්මන්ට් එකක් හොයලා දෙන්න කියලා මන් කන් කෙදිරි ගාන නිසාම අංකල් මට එපාට්මන්ට් එකක් හොයලා දුන්නා...

එපාට්මන්ට් හෙව්වට වැඩක් නෑනේ.. මට රස්සාවකුත් ඕනනේ.. කොහොමද මන් පුතාට කන්න අදින්න දෙන්නේ.. හදිස්සියේ වත් චන්ගා ආවොත් පුතාට කන්නවත් හරියට දුන්නෑ කියලා මට බනිවී... ඒ නිසා පුතාට හොදට කන්න බොන්න දීලා මන් බලාගන්න ඕනේ...

ද ඟ   ම ල් ල ✔️✔️ Zhanyi Where stories live. Discover now