දඟකාරකමේ නවවැන්න

985 230 74
                                    

දඟමල්ල..

පුංචි පුතුගේ අතට ස්ට්‍රෝබෙරි අයිස් ක්‍රීම් එකක් දුන්න චන්ගා මට ලන් වෙලා වාඩි උනා.. මට අයිස් ක්‍රීම් නෑ.. එයාටයි පුතාටයි විතරයි...

❤️ ආ බෝලේ කන්න..

උදේ පාන්දර අයිස් ක්‍රීම්.. ඒකත් මරු නෙහ්.. එයා අල්ලන් ඉද්දි මම පොඩ්ඩක් කෑවා.. ඊටපස්සෙ මෙන්න එයත් මන් කාපු තැනින්ම කනවා.. එයා ඉතින් හැරෙද්දි මට ඔක්කොම කන්න පුළුවන්.. අපරාදේ කියන්න බෑ පොඩ්ඩා නම් මගෙම ලමේක් වගේ.. ඒකා නාලා කාලා ඔක්කොම අහවරයි අපිටත් කලින්.. චොකලට් බේරෙන අත් වල ඇගිලි දිග ඇරන් කොල්ලා මේන් මේන් ගගා පෙන්නනවා.. හොදෑඩේ අයිස් ක්‍රීම් අරන් දුන්නට..

මගේ ඔඩොක්කුවේ උන්න පොඩ්ඩගෙ අත් දෙක සෝදවපු චන්ගා මගේ කට වටෙත් පිහ දැම්මා.. ඇත්තටම එයා නම් ගොඩක් හොද තාත්තා කෙනෙක්...

❤️ කෝ එන්න දෙන්නම තුරුල් කරගන්න..

ආ.. ඒවට නම් බෑ කියයි අපි.. කොල්ලා පැන්න ගමන් ඊලගට මාත් පැන්නා එක උරහිසක් උඩට.. හූම්.. මට මැණික කියලත් කලින් කිව්වනී.. හී.. මොකක්ද දැන් මගෙ චන්ගට කියන්න තියෙන්නේ මට....

❤️ පුතූ...

💙 පපා...

❤️ පුතුට අම්මියෙක් එපා නේද..

💙 අම්මී අපා.. අම්මී අපා..

හෑ.. මේන් මේකා අහන ඒවට උත්තර දෙනවා.. යකූ අතිනුත් එපා කියනවා මේකා.. ගහන්න හිතයී...එක්කෝ ඕන්නෑ පව්නේ..

❤️ මගෙ පුතාට ඩැඩී කෙනෙක් ඕනීද..

💙 පපා..

ආයෙමත් පපා මන්තරේ කොල්ලා ජප කරන්න අරන්.. චන්ගා මාව එක අතකින් අනිත් දවස් වලටත් වඩා තද කරන් ඉද්දී ,

❤️ බෝලේව මගෙ පුතාගේ ඩැඩී කරන්නද...

හෑ.. ඒ මොකක්ද ඒ ඇහුවේ.. චන්ගා.. ඔ.. ඔයා මොකක්ද කරන්න යන්නේ.. අනේ මට කියනවකෝ.. ඉක්මනින්..

💚 චන්ගා... 🥺🥺

❤️ මැණික.. අපි දෙන්නා අපේ පුතාගේ තාත්තලා වෙමුද..

💚 එච්චරයි ද...🥺🥺

❤️ මන් දන්නෙ නෑ බෝලේ මන් මේක කියන එක හරිද කියලා.. ඔයත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. මන් කලින් ගෑනු ලමයෙක්ට ආදරේ කරා.. මන් මැරි කරලා ඉන්නෙත් ගෑනියෙක්ව.. ඒත් ජීවිතේ පලවෙනි වතාවට මට කොල්ලෙක්ට හරි අපූරුවට ආදරේ හිතුනා බෝලේ.. හුරතල් දඟමල්ලක්.. ආදරේ හිතුනා දෙයියනේ.. මුලින්ම හිත පිලිගත්තේ නෑ.. ඒත් මේ ඇදුම් වලට යට වෙලා තියෙන කිරි පාට ඇග දකිද්දී මට මාවම පාලනය කරගන්න අමාරු වෙනවා බෝලේ.. ඉතින් මන් හිතන්නේ මන් ඒ කොල්ලට ආදරේ කරනවා...

ද ඟ   ම ල් ල ✔️✔️ Zhanyi Where stories live. Discover now