දඟකාරකමේ දාසයවැන්න

895 239 99
                                    

දඟමල්ල..

වසර එකහාමාරකට පසු..

සුළගට මදක් සෙලවෙන බෝ පත්වල සිසිලස..
හදුන්කූරු සුවදින් නහස් කුහරවලට දැනෙන පහස..
ඈතින් පහන් ආලෝකමත් කරන තමන්ගෙ පුංචි පුතා දෙස බලන් උන්න යීබෝගේ මුහුණට අවු රශ්මිය ගලන් ආවේ බෝ රජානන් වහන්සේගේ අතුපතරින්.. යීබෝ දොහොත් මුදුන් තියලා වැදගෙන ඉද්දී පුංචි පුතා යුආන් දුවගෙන ආවේ සීන්ගේ මමී ඩැඩීගේ අත් වල එල්ලිලා...

💚 පහන් පත්තු කරලා ඉවරද පුතා..

💙 ඔක්කොම පත්තු කරා ඩැඩා...

💚 ආච්චි අම්මට දුන්නැද්ද ඉතින්...

" කමක් නෑ කමක් නෑ... එයාගේ ආසාවනෙ පුතේ.. එන්න එහෙනම් අපි බෝධි පූජාව තියමු.. මහත්තයා එන්න... "

සිව් දෙනාම හඩ නගලා ගාථා කියන්න පටන් ගත්තේ හිතේ ශ්‍රද්ධාවෙන්.. පැයකට වඩා කාලයක් බෝධි පූජාවටම වැය වෙද්දි හතර දෙනාම මල් ආසන පිරිසිදු කරලා පන්සලෙන් පිටත් වෙන්න යද්දිම..

💚 ආන්ටී.. තව පොඩ්ඩෙන් අමතක වෙනවනේ...හාමුදුරුවෝ දෙන්නම් කිව්ව පිරිත් තෙල්,පිරිත් නූල් අපි ගන්න යන්නැද්ද..

"හපොයි.. අමතක උනා.. යන් යන්.. "

යීබෝ මිසිස් ජියෑන් එක්කලා ගියේ ලොකු හාමුදුරුවෝ ලගට.. මද වෙලාවක් කතා කරලා පිරිත් තෙල් කුප්පිය අත් දෙකෙන්ම ගත්තේ පිරිත් නූලත් එක්කමයී...

💚 ආන්ටී.. මන් මෙහෙම්ම හොස්පිටල් යනවා හොදේ..

"හරි පුතා.. පොඩ්ඩව අපි බලන්නම්... "

💚 හරි ආන්ටී..

යීබෝ යුආන්ගේ හිසත් අතගාලා එයාලව බස් එකට නග්ගලා හොස්පිටල් යන්න බස් එකට යීබෝත් නැග්ගා...

බස් එකේ ජනෙල් අයිනක් අල්ලගෙන යීබෝ එලිය බලාගත්තේ කල්පනාවට වැටෙන ගමන්...  යීබෝ හැමදාම හොස්පිටල් යද්දි වාඩි වෙන්නේ මේ පැත්තෙන්.. ඒ එක දෙයක් නිසා.. මිස්ටර් ජියෑන් හා මිසිස් ජියෑන් කිව්ව විදියට චාන් ඇක්සිඩන්ට් උන තැන මේ පැත්තෙන් යද්දි දකින්න ලැබෙනවා... ඉතින් යීබෝ හැමදාම ඒ දිහා බලන් ඉන්නවා.. ඇස් වල කදුළු පුරවන් බලන් ඉන්නවා...ඒ අදුරු දවස මොන තරම් කාලකන්නි ඇතිද කියලා ඒ හිතට මතක් වෙනවා..

ද ඟ   ම ල් ල ✔️✔️ Zhanyi Where stories live. Discover now