දඟකාරකමේ තුන්වැන්න

1K 241 93
                                    

දඟමල්ල...... බෝනස්

යීබෝ හැඩූ කඳුලින්ම බලන් උන්නේ තමන්ගේ බෑග් ලෑස්ති කරන යැංසී දිහා... කෙල්ලත් අඩනවා.. කොහොමද මේ නසරානියා නැතුව ඉන්නේ කියලා කෙල්ලටත් හිතා ගන්න බෑ..

හැබැයි තාත්තී තීරණයක් ගත්තා කියන්නේ ඒක තමයි මේ ගෙදර අවසාන තීරණය.. යීබෝ මොන දේවල් කරත් තාත්තී හැමදාම ඉවසුවා වගේම තමයි තරහා ගත්තත් එයා යීබෝට ගොඩාක් ආදරේ කරා.. ඒත් කොල්ලට කිසිම බරක් පතලක් නොතේරෙන නිසා තමන්ගෙ යාලුවා ශියාඕ කිව්වේ ටික කාලෙකට හරි කොල්ලව එහේ එවන්න කියලා.. පව්ලෙන් ඈත් කරලා යාලුවොන්ගෙන් ඈත් කරලා එයාව වෙන් කරොත් සමහරවිට මේ පිස්සු වැඩ නවතින්න පුළුවන් කියලයි ශියාඕගේ අදහස උනේ... ඊලගට යීබෝට කැම්පස් යන්නත් බැරි උන එකේ ශියාඕ ඔෆිස් එකේ එයාට කරන්න පුළුවන් සේරම උගන්නන්නත් ශියාඕ වන්ග්ට පොරොන්දු උනා වගේම.. ඒකට නම් වන්ග් බය උනා.. මොකද ශියාඕ කියන්නෙත් සැර මනුස්සයෙක්.. ඉතින් යීබෝ එයාට කෙනෙක් සැර කරන්න කරන්න එයා තව තවත් මුරණ්ඩු වෙනවා කියලා වන්ග් අත්දැකීමෙන් දන්නවා.

මේ අවුරුදු 20ටම යීබෝට කොච්චර ගහලා බැනලා කීවත් වැඩක් උනේ නෑනේ.. ඉතින් ඊලග උපාය තමයි ශියාඕ ගෙ එකම පුතා ශියාඕ චාන්ගේ යටතේ ඔෆිස් එකේ වැඩ ටික කොල්ලට ඉගන ගන්න දෙන එක...

ශියාඕ චාන් කියන්නේ අහිංසක නිහතමානී මනුස්සයෙක්..  ඉතින් මේ නසරානියාගෙ වැඩ ඉවසනවා කියන්නෙත් අමාරු වැඩක් උනත් මේ වෙද්දි චාන් යීබෝව බාරගන්න කැමැත්ත දීලත් ඉවරයි...

💚 අක්කි... 🥺

💍 ම්ම්....

💚 මන් ගියාම බිනාව වත් බැදගනින් බන්...

💍 පලයන් යන්න.. මැරුම් නොකා.. උගෙන් තොර ලොවක් නෑනේ මූට.. මන් හොයාගන්නවා සුපිරි කොල්ලෙක්...

යැංසී කියද්දි යීබෝ ගිහින් කෙල්ලගෙ අතින් අල්ල ගත්තා... යැංසී යීබෝගේ හිස අත ගාද්දි කොල්ලා එහෙම්ම ඒ උරහිසට හිස තියන්...

💚 අම්මිලා හොයලා දෙන කෙනෙක් බැදගෙන මේ හිට්ලර් ලගින් යනෝ ඕයී... බොරුවට එන හැම කොල්ලගෙම නහයෙ එක හිලක් ලොකුයි... එක ඇහැක ඇහි පිහාටු වැඩියි.. කටේ දත් 32ක් නෑ වගේ දේවල් කිය කිය ඉදලා ගෙදරට නාකී වෙන්නෙපා බන්...

ද ඟ   ම ල් ල ✔️✔️ Zhanyi Where stories live. Discover now