දඟකාරකමේ දහ අට වැන්න..

912 229 133
                                    

දඟමල්ල..

අලුත් දවසක් ගෙවී ගිහින්.. යීබෝ මේ ලෑස්ති කරන්නේ සීන්ගේ ඇදුම් බෑග් එක.. ඩොක්ටර් දීපු ෆයිල්ස් වගේම බෙහෙත් ජාති පවා කොල්ලා හරි පරිස්සමෙන් අඩුක් කර ගද්දි සීන් නම් රෝහල් ඇදේ ඉදන් පුතා එක්ක හුරතලේ පටන් අරන්..

යීබෝ සැරින් සැරේට ගිහින් අප්පගෙයි පුතාගෙයි නරි කෝලම් බල බල හිනාවෙලා ඔලුවත් අතගාලා එද්දී යුආන් නම් අත් දෙකෙන්ම සීන්ව බදන් යීබෝට ඔච්චම් කරන්නෙ නොලැබුන පිය සෙනෙහස නැවත ලැබුන නිසා ඒකත් යීබෝ එක්ක බෙදාගන්න බැරි ලෝභකමින්...

💚 ෆූ... ඔන්න හරි.. එහෙනම් අපි යමුද...

💙 යමුද පපා...

❤️ යමු මැණික.. යමු බෝල මහත්තයෝ..

ඇදේ ඉදගෙනම බෝලෙව ඇගට හේත්තු කරගත්ත සීන් ඒ පපුවට හේත්තුවක් දාගෙන කියද්දි යීබෝ ඒ හිස අතගාද්දී කොල්ලට අහු උනේ සීන් ගෙ ඔලුවේ තියෙන ඔපරේශන් කරපූ සලකුණු වෙද්දි කොල්ලගෙ ඇස් වල කදුළු පිරුනා...

❤️ ඇයි මැණික.. ම්ම්..

💚 ඔයාට ගොඩාක් පිං මගෙ ගගා...

❤️ ඒත් ඇයී...

💚 මාව දාලා නොයා මගේ ජීවිතේට ආයේ ආවට...

❤️ මට ඔයාව දාලා යන්න බෑ බෝලේ.. හැමදාම මට ඔයාව අන්තිම මොහොතෙත් මතක් උනා.. මේ හිනාවෙන් පිරුණු සුදු මූණ.. හැමදාම මට ආදරෙන් කතා කරපූ මේ ආදරණීය කටහඬ මගේ පපුවේ දෝංකාර දුන්නා බෝලේ.. මට ඔයාව දාලා යන්න බෑ.. හැමදාම මම පොරොන්දු ගත්තා ඔයාගෙන් මගෙ පණ... අද මම පොරොන්දුවක් වෙන්නද ඔයාට...

💚 මො.. මොකක්ද මහත්තයෝ.. හැමදාම කිව්වේ.....

යීබෝ ඒ මූණ දිහාම බලන් අහද්දි සීන් යීබෝගේ ඇස් දෙක දිහාම බලාගෙන හරි ලස්සනට හිනා උනා.. ඒක කවදාවත් යීබෝ නොදැකපු විදියේ හිනාවක්..

❤️ කී පාරක් මන් ඔයාව රිද්දුවද දන්නෑ බෝලේ.. මන් හිතන්නේ මන් මේ ජීවත් උන මුළු  දවස් ගානටත් වඩා මන් ඔයාව මේ කාලේ ඇතුළත රිදවලා ඇති.. මට පොරොන්දු වෙන්න ඉඩ දෙන්න මැණික.. මන් ආයේ කවදාවත් ඔයාව දාලා යන්නේ නෑ.. හැමදාම මේ අත අල්ලගෙන අපේ පුතා එක්ක ජීවිතේ ඉදිරියට යනවා.. ඒකට භාදාවක් ආවොත් මන් පොරොන්දු වෙනවා ඒ ඔක්කොම අයින් කරලා දානව කියලා පණ.. ඇත්තමයී.. පොරොන්දු වෙනවා... ආයේ කිසිම කෙනෙක් නිසා ඔයාගේ මගෙ පුතාගේ හිත රිදවන්නේ නෑ බෝලේ මම.. මගෙ පැත්තෙන් ඉන්න.. ඒ ඇති මට.. හිත නොරිද්දවා ඉන්නම් බෝලේ මන් ඔයාගේ.. ප්‍රොමිස්...

ද ඟ   ම ල් ල ✔️✔️ Zhanyi Where stories live. Discover now