දඟකාරකමේ දාහත්වැන්න

894 233 78
                                    

දඟමල්ල

යීබෝ සීන්ගේ රෝහල් කාමරේ ඉදන් බලන් ඉන්නේ දැන් පැයකටත් වැඩි වෙලාවක් අරගෙන.. තාමත් ආසාවට වත් කාමරේ දොර ඇරගෙන සීන් ආවේ නෑ...

💚 අනේ අවුලක් නැතුව ඇති නේද මහත්තයෝ ඔයාට.. අනේ ආයේ නම් චාන් කියන නමවත් ඒ ගෑවුන මතකයක් වත් මන් ඔයාට දෙන්නේ නෑ.. 🥺🥺🥺

යීබෝ පුටුවෙන් නැගිටලා ගිහින් චාන්ගේ ඇදේ රෙද්ද හැදුවා.. ඔහේ ජනේලයෙන් එහා පැත්තේ පේන උස ගොඩනැගිලි වල වහලවල් දිහා බලන් හිටියා.. බැරිම තැන ජනේලේ වීදුරුවට ඔලුව තියාගත්තා...

" මිස්ටර් යීබෝ.. "

💚 අහ්.. ඩොක්ටර්..

" සීන්ගේ ටෙස්ට් ඔක්කොම කරලා ඉවරයි.. එයාට පොඩ්ඩක් සිහිය නැති කරා.. ඒකයි තාම නැත්තේ.. තව විනාඩි 15ක් යද්දි එයා එයි.. "

💚 අනේ ඩොක්ටර් එයාට කොහොමද...

" ම්... ඔව් ඒක කියන්න තමයි මන් ආවේ.. කලබලයක් නැතුව ඔයා ඒ සේරම අහගන්න... "

💚 ඩොක්ටර් ඇයි.. අනේ ඔහොම කියද්දි බය හිතෙනවනෙ...

" බය වෙන්න එපා.. ඒ වගේම ඔයා පොඩි කොල්ලෙක් උනාට ඔයාගේ දරාගැනීමේ ශක්තිය මම දැක්කා.. ඒ නිසා මේක අහන්නකෝ.. ඔයාගේ චාන් නැත්තම් සීන්.. එයාට දැන් හොදටම හොදයි.. "

💚 අහ්.. ඒ කිව්වේ.. ඒත් චන්ගා...

" ඔව් ප්‍රශ්නයක් තියෙනවා ඒත්.. එයාට අතීත මතක නම් ලැබිලාම නෑ.. එයාට ඒවා අමතක වෙන්න ඇක්සිඩන්ට් එක බලපාලා තියෙනවා.. ඒක දරුවො අපිට හදන්න හොද කරන්න බෑ.. අපිට කරන්න පුළුවන් උපරිම අපි කරලා ඉවරයි.. ඒකේ ප්‍රතිඵලයක් විදියට ඔයාගේ හස්බන්ඩ් නැගිටලා ඉන්නේ.. හැබැයි දවසක එයාට එයාගෙ මතකයන් ලැබෙන්න පුළුවන්.. ඒ කවද්ද කියලා තමයි අපිට කියන්න අමාරු.. සමහරවිට ඒවා නොලැබෙන්නම පුළුවන්.. ඒත් එයාගේ ශරීර සෞඛ්‍ය ගත්තොත් එයා දැන් හොදටම හොදයි.. වෙන කිසි අසණීපයක් නෑ එයාට..

💚 ඩොක්ටර් එයාගේ ඔලුවෙ කැක්කුම...

" ඔයාම දැක්කනේ එයා චාන් ගැන කිව්වා.. ඒත් පොඩි ඔලුවෙ කැක්කුමක් වත් නෑ.. ඒ කියන්නේ දැන් එයාට දරාගන්න පුළුවන්.. ඒත් ඔයා මුකුත් මතක් කරන්න එපා.. හැබැයි එයා මතක් කරද්දි ඔයා අමතක කරන්නත් එපා.. එයා අහන දේවල් වලට උත්තර දෙන්න.. මන් කියන දේ පැහැදිලියි ද.. "

ද ඟ   ම ල් ල ✔️✔️ Zhanyi Where stories live. Discover now