දඟකාරකමේ එකොලොස්වැන්න

910 222 103
                                    

දඟමල්ල

💚 නෝටී චන්ගෝ.. ඔයා නැතුව පාලුයි මට...

❤️ මටත් අනේ...

💚 ඉක්මනින් එන්නකූ....

❤️ හෙට එනෝනේ ඉතින්...

චන්ගා නැතුව උන්න දවස් පහ මට නිකන් කල්ප කාලාන්තරයක් වගේ.. එයා ලග හිටියනම් මගේ ඇගිල්ලකින් හරි අල්ලගෙන ඉන්නවනේ.. මට පාලු නිසාම එයා පුළුවන් හැම වෙලාවෙම මට කෝල් කරා.. මගෙ සුදූ චන්ගා වැඩ අස්සෙත් මන් ගැන පුතා ගැන හෙව්වා බැලුවා...

පාලු හිතුනාම බිනාට ශුවාට කෝල් කරන්නත් මම අමතක කරේ නෑ.. අක්කිත් හොරෙන් මට කතා කරා.. එයා නම් මට ගොඩාක් ආදරෙයී.. ඒ ආදරේ වෙනසක් නෑ අප්පා...

ඉතින් හෙට රෑ වෙද්දි මගෙ පණ බෝලේ ගාගෙන එනෝනේ.. ඊටපස්සෙ ඉතින් අපි හනිමූන් යනෝලූ.. හී...චන්ගා හැමතිස්සෙම ඕක කියනවා අප්පා... එයා ඒකට ගොඩාක් ආසයී..

ඒ වගේම එයා ආවාම එයාලගේ නඩුව.. ඒක නම් චන්ගට ගොඩාක් වාසියට තමයි තියෙන්නේ.. හොදෑඩේ මියෑන් හෝන්තුව මෙහෙන් යන්නයි යන්නේ...

අද දවසේ ඇස් වහගත්තේ මම හෙට දවස ගැන ගොඩාක් බලාපොරොත්තු තියාගෙන... ආසාවේ බෑ...

*

*

උදේම නැගිට්ට මම ආන්ටි එක්ක චන්ගා ආස ගොඩාක් කෑම ජාති හැදුවා..පොඩ්ඩත් ඒ අස්සේ පිටි සීනී නානවා.. මේකා නාන්නේ කොහොමද වතුරෙන් නෙවෙයිනේ.. පුදුම නෑමක් තමයි මේක නම්...

🎃 උදේම මොකෝ මේ...

💚 ඇයි තමුසේ අහන්නේ...

🎃 මල ගේකට උයනවා  වගේ...

💚 නෑ අපේ මගුලට උයනවා...

🎃 හහ්.. හහ්...බලමු..

මියෑන් කාමරේට ගියේ කුස්සියේ උන්න මාව කේන්ති ගස්සවලා.. මට ඕන උනේ  මියෑන්ගෙ  හොම්බට දෙකක් අනින්න උනත් ආන්ටි තමයි මාව අල්ල ගත්තේ.. ඇත්තටම ගොබ්බ මගුලිව දැක්කමත් මට මල පනිනවා.. මොන බැල්ලියෙක්ද මේ...චන්ගගෙ ජීවිතේම කාලා කාලා තවත් ඉන්න හැටි මේකේ...

" වැඩක් නෑ පුතූ.. අපි කෑම හදමු.. "

ආන්ටී කිව්වාම තමයි කෑම සිහියට මම ආයේ ආවේ.. ආයේ බෝලේ උයන්නයී යන්නේ.. චන්ගගෙ ෆ්‍රයිට් එක තියෙන්නේ දවල්..

ද ඟ   ම ල් ල ✔️✔️ Zhanyi Where stories live. Discover now