දඟකාරකමේ පහලොස්වැන්න

913 237 108
                                    

දඟමල්ල..

හඳ දැවෙන මේ ගින්න
ඇවිලුවේ කවුද
දැක දැක ඇස් ඉදිරියේ
කඩා වැටුනේ ඇයිද..

නොදනෙමි මා
සිතේ ඇත්තේ ආදරයද..
හදවතින්ම පැතුවේ මා
එකම එක ආදරයක් නේද..

එකම රුවකින් ආ දෙදෙනා
හදවත රිදවා යන්නේ මන්ද..
ලගට ඇවිදින් හනිකට දමා යන්නේ
මා කෙරු පව නිසාද..

දෑස් හැර බලා හිනැහෙන්න
බෝලේ ඔබේ ලග නේද..
දුර ගමනක් යන්න
මමත් එන්නද ඔබ එක්ක..

පුංචි පුතු අඩනවා පපා එන්නකො කියා...
අඩන මගෙ පුතු සනසන්න ඔබ එන්න..

බෝලෙගෙන් සීන්ට... 💚❤️

...................................................

වේගයෙන් ඉදිරියට ඇදෙන ට්‍රොලියේ කොණක් අල්ලන් යීබෝ පුතුවත් වඩාගෙන දුවගෙනම යන්නේ සීන් දිහාම බලාගෙන.. කැබ් එකේ එනකල් සිහියක් නැතුව උන්න සීන් ට්‍රොලියට දාද්දිම අඩ සිහියෙන් දඟලන්න ගද්දී නර්ස්ලා කිහිප දෙනෙක්ම සීන්ව සන්සුන් කර ගන්න උත්සහා කරා...

" වන්ග් යීබෝ..........  අහ්... "

කවදාවත් යීබෝගෙ හරි නමින් කතා නොකෙරු සීන් අද සම්පූර්ණ නමම කියලා කෑ ගහද්දි යීබෝ සීන්ගේ බඩ අල්ල ගත්තා.. අත් දෙකෙන්ම හිස බදන් ට්‍රොලියේ වකුටු වෙමින් සීන් කෑ ගහද්දි කමිසෙ පවා ඉස්සිලා තිබ්බා...

💚 සන්සුන් වෙන්න සීන් ගගා... අනේ සන්සුන් වෙන්න දෙයියනේ... මොකක් හරි කරන්නකෝ ඔයාලා...😭😭😭😭😭

යීබෝ හෙදියන්ට කෑ ගහද්දි කවුරුත් සද්ද කරේ නෑ.. මේ ඉතින් වේගයෙන් අරන් යන්නේ සීන්ට බෙහෙත් කරන්න තමයී...

" අම්මා................හ්..ම්.... යුආන්....................."

සැරින් සැරේ සීන් කවදාවත් අහලා නැති යීබෝ දන්න නම් සීන්ගේ කටින් පිට වෙද්දි යීබෝගේ කකුල් දෙකත් හෝ ගාලා වෙව්ලන්න ගත්තා... යීබෝට ඇත්තටම දැන් වෙන දේවල් පැහැදිලි නෑ.. අවුරුදු 21න් ඇතිවෙන්න දුක් විදපු යීබෝට දැන් සීන් නිසත් දුකම විතරක් ලැබෙද්දි යීබෝ හරි අමාරුවෙන් හිත පාලනය කරන් ඉන්නේ මේ වෙලාවේ හැටියට එයාට කඩන් වැටෙන්න බැරි නිසා...

ද ඟ   ම ල් ල ✔️✔️ Zhanyi Where stories live. Discover now