0️⃣1️⃣ වන කොටස🦇️

7.5K 635 188
                                    

ග්‍රීසියෙ ඇතෑන්ස් නුවර....ආර්ච් බිශොප් රෝහල,




බීප්....බීප්.....බීප්...බීප්...බී........ප්...බී.................................................................

මෙච්චර වෙලාම උස් පහත් උන රතු ඉර අවසානෙදි තනි ඉරක් වෙලා ගියා.....

නෑ..ඒක වෙන්න බෑ......

ඩොක්ටර් සීන්......

ඩොක්ටර් සීන්......

මට මොනවත් අහන්න ඕන් නෑ.....මට කවුරු මොනවා කිව්වා උනත් අහන්න ඕන කමක් තිබුන් නෑ..ඇගේම හයිය අතට අරන් මම ඒ පොඩි පපුව එබුවා.....එක පාරක්...දෙපාරක්  ..නෑ දහ දොලොස් වතාවක්........

නෑ....එයාට යන්න බෑ...එයාට යන්නබෑ......එයාට යන්න බෑ........

මම ඇග උඩ ඉදන් අර පොඩි පපුව තද කර කර කෑ ගැහුවා............

ඩොක්ටර් සීන්...ඩොක්ටර් සීන්...එයාලා කෑ ගහනවා...වටේ ඉන්න අය මගෙ ජූනියාර්ස්ලා...සීනියර්ස්ලා මේ හැමෝම කෑ ගහනවා....

කෙනෙක් නැතිවෙන එක....ඇස් පනා.පිටම හුස්ම අරුන එක.....ඒක කොහොමද දැනෙන්නෙ.......වේදනාවක්....ඔව්...ඔයාට දෙන්න පුලුවන් පලවෙනිම උත්තරේ මොකක්ද කියන්න ඔයාටවත් හිතා ගන්න බෑ...සීයට දාහක් විස්වාසයි.... .....ඔව්..මට සීයට දාහක් විස්වාසයි පලවෙනි තත්පරේ දෙකේදි ඔයා ගල් ගැහෙනවා...ඒ ප්‍රශ්නෙ එක්ක ඔයා ගල් ගැහෙනවා..ඔයගෙ ඇගේ හිරිගඩු පිපේවි ...ඒ නැතත්...ඔයා ගල් ගැහෙනවා.....අවසානෙදි ඔයා උත්තර  දෙනවා.....

" ඒක අමු දුකක්"......

ඇත්ත...ඒක අමු දුකක්........ජීවිතෙ...ඉපදීම....බැදීම්......මේ හැම දේම අමු දුකක්........එයා මගෙ ඉස්සරහා සදහටම ඇස් පියා ගත්තා .....සදහටම....පිපෙන්නත් කලින් ඒ මල පරවෙලා ගියා......ශෛලකර්මයක් මැද කෙනෙක් සදහටම ඇස් වහන එක....අපිට අලුත් දෙයක් නෙවෙ...ඒත්.....කෙනෙක් ඇස් වහන එක.....හදවතට වේදනා දෙනවා...මොකද....තියටර් එකෙනෙ එලියෙ ඉන්න, එයා වෙනුවෙන් බලන් ඉන්න...සනීප උනහම ආයම එයාව ගෙදර එක්ක යන්න බලන් ඉන්න එයාගෙ අයට දෙන්න ඕන උත්තරෙ ....

ඒක අපි කොහොමද දෙන්නෙ...

"සමාවෙන්න අපිට එයාව බේරගන්න බැරි උනා..." මේ වචන ටික ඇතුලෙ හැගීම් කියන දේ ඇති ටොන් එකක් තරම් බරට....මේ වචන ටික කියන්න මොන තරම් හයියක් ඕනෙද ..

COUNT    D R A C U L A ✅Where stories live. Discover now