2️⃣4️⃣ වන කොටස🦇️

1.4K 381 80
                                    

ඇස්වලින් එලියට එන කදුලු කම්මුල් පහුකරන් කට හිර වෙන්න ඔතපු ටේප් පටි පහු කරන් යනකොට මම පුලුවන් තරම් මගෙ අත පය ගලවගන්න දැගලුවා....

මට හුස්ම අල්ලගන්න බෑ....හුස්ම අල්ලගන්න බෑ....අනේ...හ්..... මට හුස්ම අල්ලගන්න බෑ.....


එයාගෙ අමුතු හැසිරීම එක්ක බය වෙලා උන්න මට හුස්ම හිරවෙන්න එනකොට මම කෑ ගහගන්න හැදුවා...ඒ උනත් එයා නෙවෙ මාව ගානකට ගත්තෙ...එයා කෙරුවෙ පුලුවන් තරම් මගෙ බෙල්ල රෙදිවලින් එතුවා......

වස්තුව ....මට සමාවෙන්න....මට සමාවෙන්න...සමාවෙන්න.....අනේ...මට සමාවෙන්න...මට උඹව බේරගන්න ඕනා...මට උඹව බේර ගන්න ඔනා මගෙම්ම.....

එයා මොනවා කියනවද කියන්න මටවත් නොතේරෙනකොට අතපය කට මේ ඔක්කොම ගැටගහපු මාවකරට අරගන එයා කාමරෙන් එලියට ගියා.....

සැරින් සැරේම පලාතම එලිය කරගන විදුලි කොටනකොට ඇහෙන නෑහෙන ගානට ගොරවන්න ගත්තා ...පුර හද දවසක වහින්නෙ කොහොමද දෙවියනේ........

මාව එයාගෙ උරහිස උඩ .තියන් ලෑලි පොලවට බර අඩි ගහනකොට " දන්..දන්...දන්..දන්.." ගාන සද්දෙ එක්ක.මගෙ හදවතේ ලබ් ඩබ් ලබ් ඩබ් ගාන සද්දෙ ඒ ඔක්කොටම වඩා සද්ද්ව්ට ඇහුනා.......

මාව ගෙනියන්නෙ කොහෙද ...මොනවටදවත් නොදන්න මම පුලුවන් තරන් දැගලුවා.උනත් එයාගෙ ඇගේ හයිය එක්ක මට ගැලවෙන්න බැරිම තැන මම අවසානෙදි අත පය ඔහේ එල්ලන් උන්නා.....

.කොරිඩෝ දිගේ ඇවිලෙන සුවද ගහන ඉටිපන්දම් වෙනදට බෙදුවෙ ලැවැන්ඩර් සුවද වෙනකොට අද ඒ සුවද පවා මහා අමුත්තක් ගෙනාවා....හරියටම මහ අමුතු සැරක්.....සර්ජිකල් ස්පිරිට්....නෑ....ඒත් නෑ....එම්බාම් සැරක්......හැම කොරිඩෝවක්ම එලිය කරන ඉටිපන්දම්වල හෙවනැල්ල ගල් පතුර් බිත්තියට වැටිලා මහ විකාර රූපි හෙවනැලි මතු කරනකොට මට ඊටත් වඩා බය හිතුනා...

තව චුට්ට දුරයි වස්තුව....


තව චුට්ට දුරයි වස්තුව කියපු එයා කොරිඩොවෙන් ඉටිපන්දමක් තියා මෙලෝම මගුලක් නැති අන්දකාර පාරක ගියා වගේම මෙච්චර වෙලාම පොලවට අඩිය ගහනකොට ආව අර " දන් දන් දන්" ගාන සද්දෙ තව දුරටත් නෑවිදින් මග නැවතිලා තිබුනා....

COUNT    D R A C U L A ✅Where stories live. Discover now