4️⃣5️⃣වන කොටස🦇️

1.5K 346 179
                                    

අනේ....ඇති ඒයි...මට හිනා වෙලා දැන් යටි බඩත් කොර වෙනවා.........මේ යක්ස පූසා මීයව අල්ලන්න විදින දුක    අනික ඒ මීයා...මීයා නම් මහ වරත්තුවෙක් නේ අපෙ මහත්තයා......

එයා ඇදපත්තට හේත්තු වෙලා උන්නා වගේම මම එයාගෙ කකුල් දෙක මැදින් ඉදන් එව් පපුවට හේත්තුවෙලා එයාගෙ ගල් බාග සයිස් ඵෝන් එක අල්ලන් උන්නා     එයාගෙ අත් දෙක මගෙ ඉස්සරහට නෙරපු කුස පුරාවටම යනකොට මම මගෙ ඉදිමුන කකුලෙ බරත් එයාගෙ කකුලක් උඩට දීගන  හිනා වෙලාම හුස්ම ඉහලට ඇල්ලුවා ......

වස්තුව .......දන්නවද....ඇයි මං ඔයාට වෙන මොකුත් බලන්න නොකියා කාර්ටුන් එකක්ම බලන්න කිව්වෙ කියලා ......දන්නවද....මං දන්න තරමින් කාර්ටුන් එකක ශෝකන්තයක් නෑ...මොකද.....ලමා මනසකට කවදාවත් දුකක් දෙන්න බැරි නිසා.......ඒකනෙ ඒකෙ හතුරා උනත් කොච්චර ගුටි කෑවා උනත් නොමැරී ඉන්නෙ.....

සීන්....සැබැ ජීවිතේ ශෝකාන්තමයි තියෙන්නෙ....හැම පින්තූරයක් පිටිපස්සෙම කතාවක් තියනවා....කිසිම දෙයක් හේතුවක් නැතිව ගෙතෙන්නෙ නෑ.  සමහර පින්තූර පින්තූරවලට සීමා නොවි යතාර්ත වෙනවා.....හරියටම...අපේ කාමරේ බිත්තියෙ තිබුන roman charity  එක වගේ......

සීන්.....මං කවදාවත් හිතුවෙ නෑ....අන්න ඒ පින්තූරෙම යතාර්තයක් වේවි කියලා .....උඹ දන්නවද මගෙ රත්තරන් ....මම කවදාවත් හිතුවෙ නෑ...මගෙ බෙල්ලට තොන්ඩුවක් වැටේවි කියලා .....සීන්....මරන බය.....ඒ බය මම හිතන්නෙ...මිනිහෙක් එක පාරක් හරි ජීවිතේට විදින්න ඕනා...උඹම දැක්කා...උඹම දැක්කා.....මම අවසානම තත්පර ගානෙදි උන්න හැටි...මම එතකොටත් මැරිලා ඉවරයි සීන්...මම එතකොටත් මැරිලා ඉවරයි....මගෙ අවසනම හුස්ම යනකොට මට මොකක් දැනේවිද....උඹට මොනව වෙයිද...මගෙ දරුවා....මේ හැම දේම ඒ වෙලාවෙදි මට මතක් උනා මගෙ වස්තුව ............

මම වැන්දා....මම වැන්දා...මාව මරන්න එපා කියලා.......ඒත්   මම...අද..මෙතන ඉන්නවා....ඒක හීනයක් වගේ.....ඒක හීනයක්...තනිකර්ම හීනයක් වගේ...ඒත්.......ඒ හීනෙට මම හරි බයයි සීන්.......මම බයයි....

සීන්....මං හරි අහිංසක මනුස්සයෙක්.....

මහත්තයා ...අනේ...එපා මහත්තයා ...මට ඒ ගැන අහන්න බෑ මහත්තයා ....කවදම හරි...කවුරුම හරි කෙනෙක් ඇහුවොත්.....චිත්‍රෙක හැගීම් දැනෙන්නෙ කොතනටද කියලා ...මං කවදාවත් කියන්නෙ නෑ මහත්තයා ඇගිලි තුඩු වලට කියලා ...මොකද....pero ගෙ වේදනාව.......cimon  ගෙ වේදනාව මම අත් වින්දා.......ඒක හදවතට දැනෙන්නෙ......කිසිම කලා කාරයෙක් ඇගිලි තුඩුවලට වඩා හදවතට දැනෙන්න හැගීම් දෙන්නෙ.......

COUNT    D R A C U L A ✅Where stories live. Discover now