3️⃣9️⃣වන කොටස🦇️

1.1K 344 75
                                    

මහත්තයා ....මහ...ත්තයා....අනේ...එපා...අනේහ්....අනේහ්හ්...

සීන්.....දරුවො....දරුවො.....

අනේ..අම්..අම්මා...අම්මා...

මේ වතුර එක බොන්න...හිමින්...

මාව..මාව...එක්ක යන්න....මාව..එක්ක...යන්න....මං..මේ.කොහෙද ....

සින්.....දවස් ගානක්...ඔයාට හරි හමන් කෑමක් නෑ.....මෙහෙම..ගියෝතින් දරුව අවදානම් තත්වෙට වැටේවි කියනවා...අනේ දෙයියන්ගෙ නාමෙන් මොනවා හරි කාපන්කො රත්තරන් ....

මගෙ..මහත්තයා ....අනේ...අම්මෙ...එයාවනිදහස් කරගන්න බැරිද අම්මෙ.....එයා...එහෙම කෙනෙක් නෙවෙ...නේ.....එයා එහෙම කෙනෙක් නෙවෙනේ..........ඇයි කාටත් විශ්වාස කරන්න බැරි....මගෙ දරුවගෙ තාත්තා එහෙම කෙනෙක් නෙවෙ කියලා ....ඇයි....ඇයි දෙවියනෙ.....ඒ මනුස්සයව මරන්න හදන්නෙ.....ඇයී.....

මං මගෙ පපුවට ගහගත්තා අත් දෙකෙම්ම.........වේගාස්...වේගාස් ගෙ කට උත්තර එක්ක මගෙ දරුවගෙ තාත්තා හිරේ විලංගුවෙ වැටිලා මාසයක් පහු වෙන්නත් ආවා....උන් ඒ මාසෙ ඇතුලත එයාව නොමරා මරලා තිබුනා.....දම්වැල් වලි ගැටගහලා....අතපය හතර ගැටගහලා...ඒත්...එයා තිරිසනෙක් නෙවෙ කියන්න අපිට තිබුන එකම සාක්කියත් එදා රෑ මම දුක වැඩි කමට ඉරලා දාලා තිබුනා.....හෙට.. හෙට එයාගෙ නඩුව......

මට එයාව නැතිවෙයි අම්මෙ...උන්...එයාව මගෙන් උදුර ගනීවිද....මගෙ ලමයට තාත්තෙක් නැතිවද අම්මෙ ඉන්න වෙන්නෙ....ඇයි...ඇයි....මටම මෙහෙම කරන්නෙ මටම මෙහෙම කරන්නෙ...ඇයි අම්මෙ...අනේ....ඇයි.....ඇයි කියන්නකො අම්මේ...ඇයි මටම මෙහෙම කරන්නෙ......

අතට ගහලා තිබුන සේලයින් කටු ගැලවිලා බට එල්ලෙනකොට සිදුරු උන හම තෙමාගන රතුම රතු පාට උනුසුම් ලේ එලියට ආවා...මගෙ දරුවගෙ තාත්තා  අනේ ...එයා කොහොමද තාත්තෙක් නැතිව ජීවත් වෙන්නෙ....එයා හොද කෙනෙක් වෙන්නම් කියලා නොවදිනා වැදුම් වැන්දනෙ....ඇයි ඒත් එකෙක්ටවත් එයාට අවස්තාවක් දෙන්න බැරි....එයා සතෙක් නෙවෙ දෙවියන්...අපි වගේ  ලේ ඇටමස් නහර තියන කෙනෙකෙ නේ............

මම කෑ ගගහා ඇඩුවා....අඩන වාරයක් වාරයක් පාසාම අවසානෙදි මට ඉතුරු උනේ දරන්න බැරි ඔලුවෙ කැක්කුමක් එක්ක ක්ලාන්තයක් විතරක් වෙනකොට ගර්භණී සටහන් පොතෙ අවදානම් කලාපෙට මගෙ නම ලියෞනා උනත් මම නූපන් දරුවා වෙනුවට හුස්ම ගන්න එයගෙ තාත්තගෙ පැත්ත ගත්තා....

COUNT    D R A C U L A ✅Where stories live. Discover now