1️⃣5️⃣වන කොටස🦇️

1.8K 466 74
                                    

මහ අන්දකාරෙම වෙඩින්ග් කාර්ඩ් එකත් අරම්ම එලියට බැහැපු මං ලයිට් ඔක්කොම ඩිම් කරන් කාර් එකත් ස්ටාර්ට් කරන් එන්න ආවා.

අම්මේ.....ඇති යන්තම් ..මේ ළමයා බෙරුනා...ඒ උනාට මගෙ සුරංගනා පව් අප්පා...එ කොල්ලා මං නැතිව කොහොම ඉදීදෝ මන්දා....නෑ..දැන් ඌටත් මගෙ අගයක් නෑනෙ ...අර වරත්තු කූලනයා එන්නත් කලින් මගෙ නොදරුවව රවට්ටගනනෙ අප්පා...ඒ අස්සෙන් කොහෙවත් යන වරත්තුවෙක්ට මට මමා වෙන්නත් උනා...මට නම් පේන්නෙ කූලනයට පොඩිකාලෙ මෙනින්ජයිටීස් වලට ගහන බෙහෙත විදලා නැතිද මන්දා....ඇයි අනේ ඔයාලට කියන්න නේ කසාද  බදින්න ඉන්න..පින් කදක්වගේ ශෝක් කොලු පැටියව පැත්තක තියන් කොහේවත් යන ගැටිස්සියෙක්ට උනුසුම් කිව්වානෙ  ..දැන් ඔය කියන්නෙ hot කියලනෙ ...ඔව්...ඔව්....ඌට hot ඒකි විතරයි ..මම හොට් නෑ....අනේ...දකින දකින උන් පස්සෙ යන මිනිහෙ මොකටද අප්පා...

අනික මම.ඔය මිනිහව කසාද බැන්දා කියමුකො....ඒකගෙ රස්සාවත් ඔය ලොකු වයින් කම්පැනි එකක අයිතිකාරයෙක්ලුනෙ....ඒකා එංගලන්තෙ ගිහින් ඔය වයින් සම්බන්ද මොන මොනවදෝ මගුල් වගයක් ඉගන ගත්තලුනෙ.....ඒකා නිකම්ම නිකන් වැඩට යයි...මම...මම එහෙමද අර ළමයි දෙන්නගෙ වැඩයි ඉස්පිරිතාලෙ ලෙඩ්ඩුන්ගෙ ප්‍රශනයි...ඒ විතරක්ද මේකා මේ වටේ උන්ටත් හොට් හොට් ගගා යනවනේ.......ඒවායි.....මේ ඔක්කොම තනි මම බලාගන ඉන්නද....අනේ අම්මේ..ඔයවගේ කසාද මොකටද...මට ඕන් නෑ......රෙජිස්ටාර්ගෙ මූනෙයි පල්ලියෙ සුවාමිගෙ මූනෙයි දැලි ගාන්න මට බෑ....අනික දහම් පාසල් මිස්ට ලියපු වෙඩින් කාර්ඩ් එක අයින් කරන්න කියන්න ඕනා...දහම්පාසල් ඉගැන්නුවා උනත් ඔය ගෑනිත් මට චූටි කාලෙ දවසක් උගන්නන වෙලේ හිනා උනා කියලා ඔලුව හිල්වෙන්න ටොක්කක් ඇන්නා...නාකි විවියන්.....ඔහොමද අනෙ මිස් කෙනෙක් උනහම...

ඒකෙන් වැඩක් නෑ අද කොහොමත් පහලවනෙ....තව දවස් දෙකයි...මං ඒ දවස් දෙක හොදට පරිස්සම් වෙන්න ලමයො...මොකද ඔය කූලනයා වගේ නෙවෙ මගෙ වෙන්ඩ මාමන්ඩියා...ඒ මිනිහත් පරන බඩු එකතු කර කර සෝමාලියාවට නෙවෙ පුලුවන් නම් බර්මියුඩාවට හරි රිංගනවා....අපෙ අප්පොච්චියෙ මාමන්ඩියො...උඹට නම් ඔය යකඩ කෑලි පස්සෙ යන විදිහට කොයි වෙලේ හරි පිට ගැස්මට එනවා.......කමක් නෑ...පිට ගැස්මට ආවොත් මම ඉන්නවනෙ බෙහෙත් කරන්න.........

COUNT    D R A C U L A ✅Where stories live. Discover now