3️⃣1️⃣වන කොටස🦇️

1.3K 401 108
                                    

සෑහෙන වෙලාවක් යනකන් හති ඇරපු අපි දෙන්නා අවසානෙදි  ඇද රෙද්දෙම්ම  දහදියෙන් පෙගුන නිරුවත වහගත්තා වගේම මම එයාගෙ පපුව උඩම ඔලුව තියා ගන්නකොට එයා මාව එක අතකින් තුරුල් කරගන්නකොට ඇගට දැනුන විඩාව එක්ක එයාගෙන් හම්බ උන හාදුව එක්ක මම ඇස් පියාගත්තා......

එයත් එක්ක පැය ගානක ආලින්ගන පාලා ඇගට දැනුන   මහන්සිය එක්ක ගැඹුරටම මට නින්ද ගිහින් තියෙනකොට  හීනෙන් වගේ මගෙ ඵෝන් එක රින්ග් දෙන සද්දෙ එක්ක මම ආයම ඇස් ඇරියා......

නිදිමත පෝරුවෙම ඇස් දෙකම ඇරගන්න බැරි කමට එක ඇහැක් ඇරගන මම ඵෝන් එක අතට අරගන නම්බඑ එක බැලුවා...

ජින්වූ.....මේ යකා මොකද මෙවෙලෙ...මොන වදයක්ද මන්දා....

මම එහෙම්ම එයා දිහා බැලුවා....එයාට හොදටම නින්ද ගිහින්........මෙච්චර වෙලාම අඩපු ඵෝන් එක සද්දයක් නැති උනා වගේම ආයම නින්ද නැති කරන් රින්ග් වෙන්න පටන් ගත්තා ......

ම්ම්....හ්

නින්දෙන් උන්න එයා එහා මෙහා වෙනකොට මම එයාගෙ ඔලුව අත ගාන ගමන් ඵෝන් එක කනේ තියා ගත්තා ...

ජින්වු....ඇත්තටම දැන් වෙලාව කීයද කියලා වත් අදහසක් තියනවද...

නිදිමතේ උන්න මම හෙලෝ වත් නොකියම එයාට ආඩපාලි කියනකොට එයා මීක් නොගා අහන් උන්නා...වගේම ඒ තත්පරේකින් අනිත් පැත්තෙන් එයාගෙ කටහඩ ඇහුනා...

එලියට එන්න

මො...මොකක්....??

එලියට එන්න....

ජින්වුයා...ඇත්තටම ඔයාට මොකක්ද මේ වෙලා තියෙන්නෙ.....

එලියට එන්න කිව්වම අහලා

කියම දෙයක් ඔහොම ඉදන් කියන්න....

මෙහෙම ඉදන් කියන්න ඕනා නම් මම ඔයාව හොයන් එන්නෙ නෑනෙ....නේද....

ජින්වුයා....ජින්වුයා....

මොකද....ඇදුම් හොයා ගන්න අමාරුද......

ජි...න්....වු....

ඔහොම්ම එහා පැත්තෙ බැල්කනි එක බලන්න...

යක්කුගස් නගින මහ පාන්දර එලියට අඩගහපු ජින්වු යා මගෙන් ඇදුම් හොයා ගන්න අමාරුද අහනකොට මාව කරකවලා අතෑරියා හා සමාන වෙනකොට එයා එහෙම්ම  එහා පැත්තෙ බැල්කනි එක බලන්න කියනකොට මම එහා පැත්තෙ බැල්කනි එක දිහා බැලුවා.....

COUNT    D R A C U L A ✅Where stories live. Discover now