0️⃣8️⃣වන කොටස🦇️

2.2K 521 253
                                    

ඉතින් පුංචි දොස්තර මහත්තයා ගැටිත්තක් අහු උනාද ම්ම්ම්ම්.....

ආ...මේ...මේ....ත්තා..ම නෑ.....

එයා ඇසුත් හීනි කරන් මගෙන් ගැටිත්තක් අහු උනාද අහන කොට මට ගැටිත්තක් මවන්න සිද්ද උනා..ඇයි අනේ එහෙම මේ කිව්ව ගමන් ගැටිති අහුවෙනවද පිස්සු තමයි අප්පා....වැඩිපුර ඉගන ගන මොලේ සවුත්තු වෙලා.....

කූලන් මහත්තයා....ඔයාගෙ සපත්තු ගලවලා මේ ඇදෙන් හාන්සි වෙන්නකො...

මම ඊසිජි මැශින් එකෙ ඉවර වෙච්ච රෝලට අලුත් රෝලක් දාලා පපුවෙ වම් පැත්තට ඒකෙ තිබුන වයර් ටික සෙට් කරන්න ගත්තා ....ඇරියෝලා එකට යටින්..නිපල් එකට කෙලින්....අනික පැත්තෙන් එකයි...දෙකයි තුනයි...ම්ම්ම්..හතරයි.....කකුල් වල දෙකයි අත් වල දෙකයි.....

මං ඔක්කොම ගහලා එයා දිහා බැලුවා...එයාගෙ ඇස් දෙක තිබුනෙම මගෙ බෙල්ල ගාවට වෙනකොට මම තවත් චුට්ටක් බෙල්ල පේන විදිහට උන්නා...අර වරත්තුවා කරපු දේට වන්දියක් වත් ඉල්ලන්න ඕනා....

හොදට බලපන් මහත්තයො...හොදට බලපන්...අර වරත්තු පූසා මේ නොදරුවට කරපු වින්නැහිය බලපන්......හුහ්....ඇයි වදේ...මට එන තරහට ඕකව මස් කඩේකට විකුනන්න හිතෙනවා...වෙන මොකටවත් නෙවෙ හමගහලා සීත කලෙට අදින්න ජැකට් එකක් මහගගන්න....

අපෙ...අප්පොච්චියෙ ....ලමයො.....මොනවද අප්පා ඔය හිතන්නෙ ඈ...කොල්ලො.....අර මලපොතෙ අකුරක් බැරි තිරිසනාට නේද ඔහොම කියන්නෙ..ආ කොල්ලො....උඹ නම් වැරදිලා දොස්තර කෙනෙක් වෙච්ච එකෙක්...උඹ නම් අම්මා තාත්තගෙ මූනෙ දැලි ගානව පුතේ....

මම මැශින් එක දිහා බලාගන එයාගෙ කිල් ගාරාට දෙහි කැපුවා...ඌ නිදාගත්තම නම් එක දශමයක් අහිංසකයි...ඒත් මගෙ සුරංගනා තරන් නෑ....ම්හුක්......

හරි.....

...........

පොඩ්ඩක් හෝව්...පොඩ්ඩක් හෝව් හරි කිව්ව ගමන් ඇදගන්නෙ මෙන්න මේ ක්‍රීම් පිහාගන්න අනේ...

මමද පිහදගන්න ඕනෙ...

ආ....නැතුව ..නැත්තන් මමද...

පුංචි දොස්තර මහත්තයා..මම පේශන්...

ඉතින්....ඔයාට අතපය තියනවනෙ...නේ...

COUNT    D R A C U L A ✅Where stories live. Discover now