0️⃣6️⃣වන කොටස🦇️

2.3K 526 183
                                    

ම්ම්හුක්........

ඒ දෙන්නට මැදින් තනි කෙලින් උන්න මම හුස්ම ගන්නත් බයේ පහත දාන්නත් බයේ උන්නා....මූන උඩ අතට තියාගන උන්න මම හිමීට මගෙ ඇස් දෙක කරකවලා එයා දිහා බලනකොට එයා නම් ඇසුත් වහන් නිදාගන උන්නා......

ඈ අනේ ඒ මනුස්සයට නින්ද ගියාද මෙච්චර ඉක්මනට ....වෙන්න බෑ...වෙන්න බෑ.......මට පේන්නෙ මේකා හොරා වගේ ඉදන් මේ ලමයව රවට්ටනවද කොහෙද .....අයියෝ...හරි පව් ඉතින්.....අපි නම් රැවටෙයි.....අපි නම් කයි මඥ්ඥොක්කා ....කොහෙද ඉතින් අමාවකා හද පායන් නෑ කිව්වට අහන් නෑ...නෙ...හුම්..හුම්...මේ ලමය රැවටුනා ඈ....

ලී කැටයම් කපපු ..ගල් කැටයම් කපපු...ග්‍රීක දෙවගනන්ගෙ මූනවල් අඹපු ජිප්සම් පිළිම ගොඩක් උස්සගන උන්න උලුවැස්ස පහු කරන් මම හුලන් කවුලුවෙනුත් පිටතට මගෙ ඇස් දෙක ගෙනිච්චා ....

ලොකුම ලොකු අමු නත්තල් ගහක අතු එකක් දෙකක් ඇස් මට්ටමින් පේන කොට අත්තෙ තැන් තැන්වල ගෙඩි හැදිලා තිබුනා  .ඇත්තටම ගෙඩියක් කිව්වට ඒක ගෙඩියක්ම නෙවෙ...මලක්..ඒත් ගෙඩියක් වගේ හැදිලා පිපෙනවා....ඉතින් මුලු සීත කාලෙම ඔය මල් නත්තල් ගස් වහගන තියනකොට වේලුන මල්වලට සිල්වර් පාට....ගෝල්ඩ් පාට ස්ප්‍රේ කරලා නත්තල් සැරසිලි වලට ගන්නවා....ඔන්න ඒ කාලට නම් ඒ පයින්ස් ගස්වලින් එන සුවද ගැන කියන්න වචන නෑ.....මුලු ඔලිම්පස් කදු වැටියම හිමෙන් වැහිලා යනවා(troodos cyprus line)ඒත් ඉතින් මුලු රටටම හිම වැටුන් නැති උනත් උශ්නත්වෙ නම් ඍණ එකට දෙකට යනකොට උහුලන්න බැරි සීතල එක්ක සියුස් දෙවියන්ගෙ කදු වැටිය විතරක් හිමෙන් වැහිලා යනවා.....ඒකත් ඉතින් බලන්න ලස්සනයි...ඒක හරි අමුතු හැගීමක්.......

මම එහෙම්ම පයින්ස් ගහෙ අතු අස්සෙන් ඇස් ගෙනියලා ආයම මගෙ ගාවට අරගත්තා .....

හරි සුදුයි......

නිල්ම නිලපාට හද එලිය කාමරේට වැටිලා තියනකොට මම එහෙම්ම හොරෙන් හොරෙන් එයා දිහා බැලුවා ....එයා ඇත්තටම හරි සුදුයි...පැහැපත් කියන නම එයාට කියන්න බෑ මොකද එයාට තිබුනෙ මහ අමුතු පාටක්......ඒක හරියටම ඇල්මැරුන පාටක් වෙනකොට හද එලියට එයාව දිලිසුනාද මන්දා.....

COUNT    D R A C U L A ✅Where stories live. Discover now