4️⃣3️⃣වන කොටස🦇️

1.2K 361 143
                                    

සියලුම චෝදනා සලකා බලා බිග් නැමැත්තාගෙ මරනයට වේගාස් නැමැත්තා වැරදිකරු බවත් නිකලස් කූලන් මහත්තා සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන බවත්.......

මම ඇස්වල කදුලු පුරවන් වේගාස්ගෙ අවසානම තීන්දුව අහන් උන්නා.......

වේගාස්ව මරන දන්ඩනේට නියමවෙනකොට මගෙ දරුවගෙ තාත්තව නේවාසිකව ප්‍රතිකාර ගන්න මානසීක රෝහලකට නියම කෙරුවා....

මගෙ හුස්ම වැටෙන්නෙ දැනුයි දෙවියනේ.......මගෙ හුස්ම වැටෙන්නෙ දැනුයි...........

මම කඩාගන බිදගන ගිහින් එයාව අත් දෙකෙම්ම බදාගත්තා ....මිනිස්සු කීයක් උන්නත් මට වැඩක් නෑ...මම හාදු තිබ්බා...එයා ගැහෙනවා...එයාව තවම.ගැහෙනවා...ගව ඝාතකාගාරෙන් පන බේරන් පැනලා ආව අහින්සකයෙක් හා සමානවම එයාව තවමත් ගැහුනා වගේම එයා වතුර ඉල්ලුවා.....බෝතලයක්...දෙකක් නෙවෙ... එයා වතුර බෝතල් තුන හතරක් බිව්වා.....


මහත්තයා....තව ඕනෙද......කන්න මොනවා හරි ඕනෙද මහත්තයා......

එ..එපා...වස්...තුව...මට...ගෙදර ....යන්න....

මං එහෙම්ම ජින්වු දිහා බැලුවා...එයාව ගෙදර එක්ක යන්නලු.....ඒ උනත් එයාව ගෙදර ගෙනිච්චොතින් පිස්සෙක්  තියන් ඉන්නවා කියලා ආයම හංවඩු ගහන්න ගනීවි..........ඒ උනත්....මටත් එයාව දවසකට දෙකකට වත් ගෙදර තියාගන්න ඕන.කම තියනකොට ජින්වු දුවලා ගිහින් ලෝයර්ව හම්බ උනා.....

සීන්....දවස් දෙකකට අවසර ගත්තා...එයාව එතනින් පස්සෙ අපිට නවත්තලා ට්‍රීට් කරන්න වෙනවා.......

ජින්වූ.......මට...කවදාවත් ඔයාට ස්තූතියි කියන්න බෑ...මම හැමදාමත් මගෙ ජීවිතෙන් නයගැතියි......උඹ මට කෙරුවෙ සංසාරෙ කිසිම තැනක පියවලා ඉවර කරන්න බැරි ණයක්...මගෙ දරුවගෙ තාත්තා හුස්ම ගන්නෙ උඹ නිසයි...අවසානම මොහොතෙදි මට ආයම ජීවිතේ දුන්නට...ජාති ජාතිත් පින් ජින්වු.....

මම අත් දෙක එකතු කරලා ජින්වුට පින් දෙනකොට අවසානෙදි එයා මාව වැලදගත්තා ......මෙච්චර දවසක්ම අඩපු ඇඩිලි හා සමාන කදුලු  ගොඩක් මගෙ ඇස් වලින් පිට වෙනකොට ජින්වුගෙ උරහිස් ඒ කදුලු වලින් තෙමුනා.....

COUNT    D R A C U L A ✅Where stories live. Discover now