0️⃣2️⃣වන කොටස🦇️

2.6K 573 214
                                    

බී................ප්ප්....

මම උන්නෙ කොයි තරම් බය වෙලාද කියනවා නම් සිග්නල් ලයිට් පවා ඔන් වෙච්ච කාර් එකේ මගෙ අතින් එක දිගටම හෝන් එක වැදුනා වගේම අර තාප්පෙන් මතු උන  මනුස්සයා කෑ ගහගන අර සතා ගාවට ආවා...

කිල්ගාරා .....

එකම එක් දිගටම හෝන් එක හෙඩ් ලයිට්ස් සිග්නල් ලයිට් මේ හැමදේම වදිනවා මදිවට වයිපර් පවා වැඩකරන්න ගත්ත කාර් එක දිහා අර සතා ගාව උන්න ම මනුස්සයා කන්න වගෙ බැලුවා වගේම මම ඉක්මනට මගෙ අතින් උන වැරදි ටික හදාගත්තා වගේම අර සතාව ඒකා පුලුවන් තරම් අත ගෑවා....

දෙවියනේ ඒ යක්ස පූසාගෙ නපුරු පාට....

මං හිතින් මිමිනුවා...ඒසි එක මැද උනත් බයටම තුන්මුනින් දාඩිය දානකොට සතා ගාව උන්න මනුස්සයා අඩියෙන් අඩිය  ..අඩියෙන් අඩිය....ඉස්සරහට එනකොට මම ශීට් බෙල්ට් එක උපරිමේටම තද කර ගත්තා .......

අඩියෙන් අඩිය අඩියෙන් අඩිය ඒ මනුස්සයා ඉස්සරහට එනකොට මට කරගන්න ඕන දේ පවා අමතක වෙලා ගියා...

පපුව එකසිය ගානට ගැහෙනකොට  ඒ කලු පාට බූට් දෙක...තනිම කලු ඇදුම..දනහිසට පහලට තිබුන තනි කලු ලෙදර් ජැකට් එක...කලු පාට අත්මේස් වගේම ඇස් දෙක ඉතුරු වෙන්න මූනෙන් පදාසයක්ම වැහුන මාස්ක් එක වගේම ඒ මිනිහහෙ පස්සෙන් ආව අර කැලෑ පූසාගෙ උල්  වෙච්ච දත් දැකපු මම ලතෝනොනී දීගන කාර් එක පුලුවන් උපරිම ස්පීඩ් එකෙන් රිවර්ස් එකට අරන්  ඒ පටු පාරෙ  අල්ලන්න පුලුවන් හැම අඩව්වක්ම අල්ලපු මම කාර් එක හරවගන සීයේ කටුත් හොයන්න වත් බැරි ස්පීඩ් එකකින් මම ආපයින්ම ආයම වැන්ග් මහත්තයගෙ පරන මාලි ගාවට ඩ්‍රයිව් කෙරුවා ...

.ඩොක්ටර් සීන්......

ප්ප්..පිලිප්...මේ...ක්ක්...කා....ර්

සීන් ඩිඩි......

උයන් පල්ලා ආයම මගෙ කාර් එක දැකලා එනකොට මම අනත මනත වෙලා වගේ ආර් එකෙන් බැස්සා ...ඒත් ඒ මනුස්සයට මොන්වද කියන්න ඕනෙ කියන එක වත් කියා ගන්න බැරි වෙන තරමට මාව ගොත වෙලා ගියා වගේම කොහෙන්ද ඉදලා සිජියෙත් දුවගන ආවා.....

ඩිඩි......

ස්..සිජි.....යේ....හ්....

එච්චරයි මම එහෙම්ම බිම ඉදගත්තා ...මම හිතනෙ මම දැක්කෙ සාතන්ව......ඔව්...ඒනම්...සාතන්ම වෙන්න ඕනා.....බිම ඉදගන පිස්සුවෙන් වගේ  මුමුනන මාව සිජියෙ දෙපාරක් තුන්පාරක්ම හෙලෙව්වා වගේම මගෙ සුදු මැලි උන මූන දැකලමද කොහෙද එයා තවත් සේවකයෙක්ට වතුර ගේන්න කියන ගමන් මාවත් වත්තන් කරන් ඇතුලේ තිබුන සෝෆා එකෙන් මාව හාන්සි කෙරෙව්වා ......

COUNT    D R A C U L A ✅Where stories live. Discover now