4️⃣7️⃣HAPPY ANNIVERSARY ...(completed )

2.7K 440 427
                                    

මහත්තයා .........

ම්ම්ම්ම්.....අනේ...අම්..මි...යෝ....තව...විනාඩි....පහ...ක්...

අම්මියා...අම්මියා නෙවෙ....මම ලමයගෙ අම්මා මිනිහො ....නැකිටින්නකො ඒයි.....

ම්ම්හුක්...

හුකුක්...හුකුක්...ගගා ඉන්නෙ නැකිටපන් ඒයි...මට මේ බඩත් උස්සන් කෑ ගහන්න බෑ අප්පා....නැකිටපන්කෝ...ඇයි වදෙ නැකිටපියකො මිනිහෝ......

හැම දේම ඉවරයි.. .  ඊයෙ රෑ වැහැපු වැස්ස එක්ක මිනිමරුවෙක් වෙලා ගෙදර ආව මම හොරෙක් වගේ එයාගෙ අත අස්සෙ නිදාගන ඉදල නැකිටිනකොට නිල් අහසට ඉර පායලා සුදු පාට වලා කුලු හදිස්සියක් නැතිව පාඩුවෙ පාවෙනකොට මම නූල්පටක් වත් නැති ඇග බෙඩ් ශිට් එකෙන් ඔතාගන ජනේලෙ ගාවට ගියා.....

ලස්සනයි.......මල් පෙති උඩට වතුර බිංදු වැටිලා සමනල්ලු පැනිබොන ගමන් උන්න වගේම වෙනදට ඉරටත් කලින් නැකිටින එයා දැන් නැගපු ඉර බැහැගන යනකන්වත් නැකිටින්නෙ නැති තරම් පුදුමාකාර විදිහට කම්මැලි උනා.....

ඇත්තටම කම්මැලි නෑ..එයාට ඒ දෙන බෙහෙත් වලට නින්ද යනවා......එයාව අද එක්කන් යන්න ඕනා.....යයිද...නැතිද...මොන යුද්දයක් කරයිද කියන්න උඩ ඉන්න දෙවියො විතරක් දැනන් උන්නට උසාවි නියෝගවලට පිටින් ගියෝතින් වෙන්නෙ ආයම කූඩුවෙ කූරුවෙ ගනින්න වෙන එක වෙනකොට මම ඇදට නැගලා එයාව ඇහැරවන්න හැදුවා....

මහත්තයා ....

ම්ම්ම්..වස්තුව .....

නැකිටින්න ඒයි.....

අනේ....මට එහෙ යන්න බෑ...මට පිස්සු නෑ සීන්....

මහත්තයා ...අනේ...මං වත් අපි කවුරුත් කියන්නෙ නෑනෙ මහත්තයා මහත්තයට පිස්සු කියලා ....

එහෙනම්...එහෙනම් මාව ඇයි යවන්නෙ....සීන්...උඹට මාව පිස්සෙක්ද සීන්....

න්න්..නැහැ..නැහැ මහත්තයා ...අනේ...මේ අහන්න....මේ අහන්න්කො....

කමක් නෑ සීන්....තිරිසනෙක් කියලා හංවඩු ගහපු එකේ පිස්සෙක් කියන එක මොකක්ද......

එයාගෙ වචන තනිකරම පිහිපාරවල් වගේ.........ඒ උනත් මම ඇඩුවොතින් එයාගෙ හිත ආයම වෙනස්වේවි........

COUNT    D R A C U L A ✅Where stories live. Discover now