Part 2

152 34 3
                                    

Jungkook pov

මං ලෑස්ති වෙලා පහලට ඇවිත් කෑම කාලා ඔම්මටත් කියලා නූනයි හ්‍යුන්නුයි එක්ක යුනි යන්න කා එකට නැග්ගා...
අපි කොච්චර බස් එකේ යන්නම් කිව්වත් අපේ හ්‍යුන්ග් එක්ක බෑ...
එයා කවදාවත් අපිව තනියෙන් යවන්නෙ නෑ...
.
.
.
.
.
.
ඔන්න අපි යුනි එකට ආවා...
අද අපි තවත් වසරකින් උසස් වෙනවා...
මන් දැන් 3rd year එකේ ළමයෙක් වෙනවා...
නූනා නම් Final Exam ලියලා ඉවර උනායින් පස්සෙ University ගමන නැවතෙනවා...
ඊට පස්සෙ එයාටත් තියෙන්නෙ ජොබක් කරලා එයාලගෙ මේ ආදරණීය අහිංක හුරතල් හා පැටියව කන්න බොන්න දීලා බලා ගන්න තමා හුම්....😌

අද Junior ල එනවා කියන්නෙ මගේ පරම පිවිතුරු ඒක පාර්සික ප්‍රේමයක් එයී....😆
අහ් ඔයාලෑ දන්නෑනෙ ඒ කවුද කියලා
මගෙ කොටි හපුවා අනෙහ්...

අපේ Uni එක අයිති Kim Company එකට...
Kim Company එක කියන්නෙ කොරියාවෙ අංක එකේ Company එක ..එයාලගෙ Branches ලෝකෙ පුරා විහිදිලා තියෙනවා...

මගේ පරම පිවිතුරු ආදරේ තමා ඒකෙ ඉන්න CEO...
මොකද සවුසෙලා හිනා වෙන්නෙ...
හුම් දැක්කනෙ ඉදලා ඉදලා මං අල්ලන් ඉන්නෙ ලේසි පහසු අත්තක් නෙවේ...😌✋

එයාව මං දකින්නෙ ඉස්සෙල්ලම මේ යුනි එකට ආපු දවසෙ...එදත් අද වගේම දවසක්...
ප්‍රධාන ආරාධිතය එයා..ඔව් එහෙම වෙන්නෙපැයි..යුනි එක එයාලගෙනෙ...
එදා තමා එයාව මන් දැක්කෙ...

හීනි දිගැටි ඇස්...දිහ ඇස් පිහාටු...තද කළු ඇහිබැම...සඳක් වගේ එයාගෙ මූණට අකීකරු ලෙස නලල හරියෙන් වැටී තිබුණු තද කළු කොණ්ඩේ...ස්ට්‍රෝබෙරි වගේ තොල් දෙක... නහය උඩ තියෙන පුංචි මෝල් එක...
ම්ම්ම් එයා නම් සුර දූතයෙක් වගේ...ගොඩක් Handsome හරිම ගාම්භීර පෙනුමක් තිබ්බෙ...
ඔහ් හෝ ඔව් ඔව් ඔයාලා හිතන දෙ තමා...අවුරුදු තුනක් තිස්සෙ මං මේ ආදරේ කරන්නෙ මෙහෙම හිටියට
හුවෑඈඈ....😭
මට හැමදාම අද වගේ දවසක විතරයි එයාව දකින්න පුලාම්...

මං ඉතින් මගේ සිනිදු සිත සොරා කාපු handsome කොටියා ගැන මනෝ පාරක් ගහගෙන ඉද්දි අර ඇටි කෙහෙල් කාපු ඇටකටු ගොඩ ඉන්නෙ...ඔව් ඔව් මගේ නූනා ආන් ඒයී මගේ ඔලුව දෙබෑ වෙන්න පාරක් ගැහුවා...

🐰මොකද මල වදේ ගහන්නෙ...
අත පය තියන්න ඉන්න බෑ ගිනි පුග් ගායද ඔහේට මෝහිනියෝඕඕ😒

His Devotion 🐰🐯❤ (TK)Where stories live. Discover now