Part 7

127 33 2
                                    

කුකී දැන් වැඩට ගිහින් මාසයක් විතර වෙනවා...
එයා ටේහ්‍යුන්ග් කවුද කියන එක නම් ඕනවටත් වඩා වැඩියෙන් දැන් අදුරගෙන තිබ්බෙ...
ටේහ්‍යුන්ග් ගෙ නපුරු කම් නිසා මේ චූටී හිත රිදුන්නැතුවමත් නෙවේ...
ටේහ්‍යුන්ග් බයයි බැඳීම් වලට ගොඩක් ඒකමයි එයා මෙහෙම කුකීව රිද්දුවෙ...
හැබැයි ටේහ්‍යුන්ග් දැන් තෙරුම් ගත්තා එයා එයාගෙ හා පැටියට ආදරේ කරනවයි කියලා...
එයා ඒ දේ නොපෙන්වා ඉන්න ලොකු උත්සහයක් දරනවා...

ටේහ්‍යුන්ග් සහ ජන්කුක් දැන් ටිකක් සමීපයි...
දැන් ටේහ්‍යුන්ග් ජන්කුක්ටත් ජන්කුක් ටේහ්‍යුන්ග්ටත් ආදරේ කරන්න පටන් ගත්තත් කවුරුත් කියලා නෑ...
මේ දවස් ටිකේ ටේහ්‍යුන්ග් ට අසනීප උනෙ නෑ...මොකද ටේගෙ හිතට දැන් පුංචි සහනයක් ගේන්න චූටී සුරදූත පැටියෙක් ඉන්න නිසා....
ජන්කුක් ටේගෙ බෙහෙත් වේල් මග නොහැර දුන්නා...
ඒ වගේම ඩොක්ටර්ව ඒ කියන්නෙ කුක්ගෙ හ්‍යුන්ග්ව හම්බෙන්න යන දවස් වලට ටේ එක්කම ජන්කුක්ත් ගියා

අදත් වෙනිද වගේම දවසක්...

කුකී අද හොදම පරක්කු වෙලා office යන්න...
දැන් වෙලාව 7.55යි...
8 වෙද්දි වැඩ පටන් ගන්නවා...
ඒ වගේමයි එයා හරිනම් වේලාසන ඇවිත් Offline room එක අස් කරලා ටේහ්‍යුන්ග් ගෙ උදේ Coffee ☕ එක ගෙනත් තියල එදා දවසට අදාල වැඩ වලට සූදානම් වෙන්නොනෙ...
ඒත් ඊයේ ටිකක් රෑ වෙනකන් වැඩ තිබුණ නිසා අද කුක්ට ටිකක් නින්ද ගියා...

ඉතින් එයාගෙ අවාසනාවකටද කොහෙද දුවල දුවල ගිහින් Finger Print තියලා lift එක ලගට යද්දි ඒක වැහෙන්න යන්න කලින් අත දාලා නවත්තගත්තෙ නගින්න...
ඒත් ඇතුළෙ ඉන්න කෙනා දැක්කාමයි , ඊටත් වඩා ඒ මූන දැක්කාමයි නම් කුක් ට හිතුනෙ අපරාදෙ කරපු මෝඩ වැඩක් කියලා...
මොකද මාරයා ආවේස වෙලා වගෙ මූන හදන් ඒක ඇතුලෙ හිටියෙ ටේහ්‍යුන්ග් , එයාගෙ බොස් , එයාගෙ මහ ලොකු ආදරේ...හුහ්..😒
ටේහ්‍යුන්ග් කොහොමත් ඉන්නෙ රවන් නිසා ඒක ගනන් නොගෙන් ඉන්න තිබ්බා...
ඒත් අද ඒ රැවිල්ල දෙගුණ තෙගුණ වෙලා...

ටේහ්‍යුන්ග් ගෙ මූනෙ කොහොමත් උදේකට කිසිම හිනාවක් නෑ...
උදේ තියා කොයි වෙලේවත් පේන්න නෑ...
උදේට Company එකට එද්දි හැමෝම හතරට පහට නැවිලා Greeting කලත් මේ මහදැන මුත්තනම් තඹ සතේකට ඒක ගනන් ගන්නෑ...
ඉතින් අද එයා lift එකට් දැකලා යන්න ගිය ගමන මැද්දෙන් පැනලා නතර කරපු හෝතම්බුවට හොද පාඩමක් උගන්නලා දෙක තුනක් කියන්න ඒ තප්පරේට වචනත් මතක් කරන් ටේහ්‍යුන්ග් හිටියට ,
දෙයියනෙ අපරාදෙ කියන්න බෑ ඒ හිටියෙ එයාගෙ හා කොල්ල කියලා දැක්කාම අර ගිනි අරන් හිටපු ගිනි කුකුලාගෙ තරහ කොහෙන් වාෂ්ප උනාද දන්නෑ....

His Devotion 🐰🐯❤ (TK)Kde žijí příběhy. Začni objevovat