Part 21

112 26 3
                                    

Jungkook pov..

කවුරු හරි ඇහුවොත් මගෙ ජිවිතෙ මං අකමැතිම දවස මොකක්ද කියලා මං කෙලින්ම කියන්නෙ අද දවස ගැන...
කාට හරි පුලුවන් නම් අද දවසින් මාව ඈත් කරලා තියන්න ඒක ලොකු දෙයක් ...
ම්ම්ම් අද තමයි දවස...
හැමදේටම තිත තියන්න වෙන..
මැවුව හැම හීනයක්ම නැති වෙන දවස...
ජියොන් ජන්කුක්ගෙ කිම් ටේහ්‍යුන්ග් අද ඉදන් ජියොන් ජන්කුක්ගෙ නොවෙන...
අද ටේහ්‍යුන්ග් හ්‍යුන්ග් මැරි කරනවා...🙂
හිතන්නවත් පුලුවන් ද...??
මටවත් බෑ...
තමන් පන වගෙ ආදරේ කරපු කෙනා ඔයාට ආදරේ නෑ කියලා එයාගෙ කටින්ම කිව්වාම...
ඔයාව එයාට සෙල්ලම් බඩුවක් විතරයි කිව්වාම...
තමන් වැඩියෙන්ම විශ්වාස කරපු කෙනා ඒ විස්වාසේ කඩ කරපුවාම...
ඊටත් වඩා ඔයාගෙ ඇස් දෙකෙන්ම එයා වෙන කෙනෙක්ට නීතියෙනුත් අයිති වෙනවා දකින්න සැලැස්සුවාම...
🙂🙂පන පිටින් පුච්වනවා වගේ නේද...??
අදට සතියක් ටේහ්‍යුන්ග් නුයි මායි ඈත් වෙලා...
ඒ වගේම අද එයාගෙ වෙඩින් එක....
එදා එයයි මායි අයින් උනායින් පස්සෙ දවසෙම හ්‍යුන්ග් ගෙ අප්පා මීඩියා වලින් ටේගේ වෙඩින් එක Announce කළා...
එහෙම කරන්නොනෙ මොකද එයාගෙ කොරියාවෙ අංක එකේ බිස්නස් මන්...
ඉතින් වෙඩින් එක ලොකුවට ගන්නවා නෙ..

දේහ්‍යුන්ග් සර් ඔෆිස් එකේ හැමෝටම Invite කළා වෙඩින් එකට...
ම්හ්හ් ඔව් ඔව් මටත් කිව්වා...
ලොකුම වේදනාව මොකක්ද දන්නවද...
මගෙ Invitation Card එක දුන්නෙ ටේ හ්‍යුන්ග් ගෙ අතින්මයි...🙂
එයාට ඕනේ මාව රිද්දන්න...
මට ඒක හොදට තෙරුනා...
මගෙ ඇස් වලට එදා නම් කදුලු ආව...
මං එහෙම්ම දුවන් ගිහින් මුල්ලකට වෙලා ඇඩුවා....
Breakup වෙලා ඊට පස්සෙ දවසෙ ඔහොම දෙයක් උනාම මං හැසිරුන විදිහ සාමාන්‍යයි...
හැබැයි එදා විතරයි මං එහෙම ඇඩුවෙ...
ඊට පස්සෙ ඇඩුවෙ නැද්ද...???
නෑ මං ඇඩුවා...
මටත් ඇඩෙනවා , මාත් මනුස්සයෙක්....
හැමෝටම පෙන්න මං මගෙ කදුලු වැට්ටුවෙ එදා විතරයි..
එදායින් පස්සෙ අනිත් හැම දවසකම මං බොරුවට හිනාවක් මවා පාන් හිටියා...
මොකද මට බෑ මට ආදරේ කරන මිනිස්සුනව රිද්දන්න එහෙම අඩලා...
මගෙ ඔම්මා , හ්‍යුන්ග් , නූනා , ජිමිනි , සුගා හ්‍යුන්ග් , නම්ජූන් හ්‍යුන්ග් වගේම හොබී හ්‍යුන්ග් නුත් මාව සනසවන්න කොච්චර මහන්සි උනාද කියලා මං දැක්කා...
එයාලටත් කරදරයක් දුකක් මං එහෙම ඉද්දි...
අනික මට ආදරෙ නොකරන මනුස්සයෙක් වෙනුවෙන් මං අඩලා වැඩකුත් නෑනෙ...
එදායින් පස්සෙ මං ඇඩුවේ තනියම...
මගෙ කාමරේ මං මතකයන් එක්ක තනි වුණ හැම වෙලාවකම ම ඇඩුවා...
ශවර් එක යටදි කෑ ගහලා ඇඩුවා....
තාමත් ඒ දුක නැති උනේ නෑ....

His Devotion 🐰🐯❤ (TK)Where stories live. Discover now