Part 17

92 18 2
                                    


🐰ඔ....ඔම්මා....💔

ජන්කුක් නම් දැන් අඩන්න ඔන්න මෙන්න...
ටේහ්‍යුන්ග් ජන්කුක් දිහා බලලා හැමදේම හරියාවී කියන්න වගෙ ඇස් සෙමින් වසා හොද හුස්මක් අරන් ජන්කුක්ගෙ ඔම්ම ලඟට ගිහින් ඉද ගත්තා...
ජින් හ්‍යුන්ග් සහ ජෙනී ජන්කුක්ගෙ එහා පැත්තෙන් ගිහින් ඉදගත්තාම නම්ජුන් ජන්කුක්ගෙ උරහිසට තට්ටුවක් දාලා බය වෙන්නපා කිව්වා....

ටේහ්‍යුන්ග් ජන්කුක්ගෙ ඔම්මගෙ එහා පැත්තෙන් ගිහින් ඉඳගෙන ඔම්මගෙ අත් තමන්ගෙ අත් අතරට ගත්තා....

🐯ම්ම්
මන් ඔම්මා කිව්වට කමක් නෑ නේද...??

👩ඒකට කමක් නෑ පුතා...

🐯ඔම්මා දන්නවද...?
මන් මේ "ඔම්මා " කියන වචනෙ කියන්නෙ අවුරුදු 25කට විතර පස්සෙ කියලා...

👩අහ්...

🐯ම්ම් ඔව් ඔම්මා...
මගෙ ඔම්මා මට මේ ලෝකෙ බලන්න වාසනාව දීලා එදාම එයා මේ ලෝකෙට සමු දුන්නා...
අප්පා නම් කියන්නෙ මං වැරදිලා ඉපදුණ අවාසනාවන්ත දරුවෙක් කියලා....
ඔම්මාව කවදාවත් මන් මෙ ඇස් දෙකට දැකල නෑ...
ඒත් මන් පින්තූර වලින් වගේම මගෙ හ්‍යුන්ගෙන් ඔම්මා ගැන අහලා දැනගෙන තියෙනවා....
මගෙ ඔම්මා හුඟක් ලස්සනයි...
හරියට නිකන් මුහුදක් වගෙ...
ඕන කෙනෙක්ට ආස හිතෙන හරි සුන්දරත්වයක්...
පුංචි රෝස මලක් වගෙ කිව්වොත්....
ම්ම් මන් හිතන්නෙ මන් හරි...
ඔම්මා හුඟක් ආසාවෙන් ඉදලා තියෙන්නෙ මාව බලන්න...
ඒත් එයා දැනගෙන හිටියා මාව මේ ලෝකෙට බිහි කළොත් ඊළඟ තප්පරේම එයාගෙ ජීවිතෙ නැවතෙනවා කියලත්...
එහෙම තියෙද්දිත් එයා එයාගෙ ජිවිතෙ ගැනවත් හිතන්නැතුව මට ජිවිතෙ දුන්නා...
කිසිම පසුතැවීමක් දුකක්වත් නැතුව...

එයා එදා එහෙම මේ ලෝකෙට මාව බිහි කරන්න ඇත්තෙ හුඟක් දේවල් හිතෙ තියාගෙනලු...
මට හ්‍යුන්ග් කිව්වේ....
ඉස්සර ඔම්මා හ්‍යුන්ග් එක්ක කියනවලු මගෙ ටේ මේ ලෝකෙ හුඟක් උසස් තැනකට ගිහින් ගොඩක් ආදරණීය කරුණාවන්ත පුද්ගලයෙක් වෙනවට මං ආසයි , එයා මුළු ලෝකෙම දන්න ප්‍රසිද්ධ අවංක බිස්නස්මන් කෙනෙක් වෙනවට ආසයි කියලා....
මට මගෙ නම කිම් ටේහ්‍යුන්ග් . කියලා දාන්න ඕන වෙලා තිබ්බෙත් ඔම්මට...
ඔම්මාගෙ ආසාවල් වලින් එකම එකක් විතරයි හරි ගිහින් තියෙන්නෙ...
ඒ මුළු ලෝකයක් දන්න බිස්නස්මන් කෙනෙක් එහෙමත් නැත්නම් කොරියාවෙ අංක එකෙ Company එකේ CEO වෙච්ච එක විතරයි...

His Devotion 🐰🐯❤ (TK)Where stories live. Discover now