Part 20

74 15 3
                                    

ජිවිතෙ හරි පුදුමයි...
ඊලග තප්පරෙ මොනා වෙයිද කියන්න අපි කවුරුත් දන්නෙ නෑ....
ජිවිතෙ එක තැනකදි අපි ආදරෙ කරන්න පටන් ගන්නවා...
හුඟක් ආදරෙ කරනවා...
අපි කැමති නෑ අපි ආදරෙ කරන කෙනා රිද්දන්න...
ඒත් සමහරක් අවස්ථා වලදි අපිට ඒ ආදරෙ නිසාම අපි ආදරේ කරන කෙනාව රිද්දන්න වෙනවා...
ආදරේ නැති නිසාම නෙවෙයි..
ආදරේ නිසා ඒ...
මොහොකින් හරි ආරක්ෂා කරගන්න , දෙන්නගෙම හොදට අපිට එයාව අකමැත්තෙන් උනත් රිද්දලා ඈත් වෙන්නම සිද්ධ වෙනවා...
සමහරක් වෙලාවට පිස්සෙ වෙන්න , හදවත පිච්චෙන්න , ජීවත් වෙලා හිටියත් මැරිච්ච මනුස්සයෙක් ගානට වැටෙන්නෙ ...
මැරෙන්නම ඕනෙ නෑ...
පොඩි එකෙක් බලාගන්නවා වගේ ආදරේ දීලා , ආදරෙන් කතා කරලා හුරතල් කරලා එක පාරට අත අරින්න...
ඒ කෙනාව පන පිටින් පිච්චෙනවා වගෙ වෙනවා...
ඒ වේදනවාම අත් නොවින්දත් පොඩ්ඩක් හරි දැනෙනවා නේද එහෙම උනොත් මොනාද වෙන්නෙ කියලා..??

ජන්කුක් , ටේහ්‍යුන්ග්
කොච්චර ආදරේ කරන දෙන්නෙක්ද..??
හැම ලස්සන කතාවකම රාක්ශයෙන් අනිවාර්යයෙන් ඉන්නවනෙ...
මේකෙත් ඉන්නවා...
තමන්ගෙ අප්ප කියන්නෙ මොන වගෙ මනුස්සයෙක්ද කියලා ටේහ්‍යුන්ග් දන්නවා...
මිනිස් ජීවිතයක් කියන්නෙ දේහ්‍යුන්ග් ට දූවිල්ලක් තරම්වත් වැදගත් දෙයක් නෙවෙයි...
ඉතින් එහෙව් එකේ තමන්ගෙ අප්පගෙ තීරණේට පිටින් ගිහින් තමන්ට මේ ලෝකෙ වැඩියෙන්ම වටින , තමන් මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන කෙනාව වචන කීපයක් නිසා නැති කරගන්න ටේහ්‍යුන්ග් ට ඕන උනේ නෑ....
ඉතින් ඒකයි ටේහ්‍යුන්ග් ජෙනීව මැරි කරන්න කැමති උනේ....

ටේහ්‍යුන්ග් ජන්කුක්‍ට ආදරේ නැද්ද...???

නෑ එහෙම නෙවෙයි...
ජන්කුක්ට කවුද වැඩියෙන් ආදරෙ ඇහුවොත් බය නැතුව ටේහ්‍යුන්ග්ව පෙන්නන්න...
ජෙනීව නෙවෙයි කාව මැරි කලත් ටේහ්‍යුන්ග් ගෙ පලවෙනි සහ අන්තිම ආදරෙ ජන්කුක් වේවී...
ලබා ගන්නම ඕනෙ නෑ නේද ආදරේ කරන්න...?
දුරින් හරි බලාගෙන ඉන්න තියේනම් කොච්චර දෙයක් ද...??
අප්පගෙ තීරනේට අකමැති උනානම් ජන්කුක්ව ආයි කවදාවත් දකින්න ටේහ්‍යුන්ග් ට බැරි වේවී...
එහෙම උනොත් කොහොමද ටේහ්‍යුන්ග් ඉන්නෙ...
ඒ එයාගෙ පන....
එයාගෙ මුළු ලෝකෙම...
ඔහෙ ගලන් ගිය එයාගෙ ජීවිතේට ආපු ටේහ්‍යුන්ග් දකින විදිහටනම් එයාගෙ පුංචි සුර දූතයා....
ටේහ්‍යුන්ග් ට ඒ තීරණේ ගන්න කොයි තරම් අමාරු වෙන්න ඇතිද..??

His Devotion 🐰🐯❤ (TK)Where stories live. Discover now