Part 14

80 20 2
                                    

🐰ගුඩ් මෝනින් සර්....

🐯ම්ම් ගුඩ් මෝනින් ජන්කුක්...
මීටින් එකේ ෆයිල්ස් ටික කොහෙද...??

🐰දෙවනි ලාච්චුවෙ සර්...

🐯ඔහ් හරි හරි ඔයාට යන්න පුලුවනන්..

🐰හරි සර්..😞

ඊයෙ ඉදන් ටේහ්‍යුන්ග් ජන්කුක්ව වැඩිය ගනන් ගන්නෑ...
වෙලාවක් ලැබුනු හැමවෙලේම තමන්ගෙ අත් අතරට එයාගෙ ඒන්ජල්ව අරන් ආදර වචන කිය කිය හුරතල් කරපු ටේහ්‍යුන්ග් අද කොහෙ හරි හැංගිලාවත් ද...???

ටේහ්‍යුන්ග් ගෙ මෙ අමුතු හැසිරීම පටන් තාම පැය 24ක්වත් නොගියත් ජන්කුක්ට නම් ඒක අවුරුදු ගානකටම හරියන්න වගෙ හුඟක් හිත රිදිලයි තිබුනෙ...
තමන්ගෙ ආදරෙ මෙහෙම පොලේ ගැහුවා වගෙ වෙනස් වෙලා ඉද්දි කාටද දුක නොහිතෙන්නෙ...

විශේශයෙන්ම ටේහ්‍යුන්ග් වගෙ කෙනෙක් මෙහෙම කරද්දී...
අප්පෙක්ගෙන් නොලැබුන ආදර දෙන ආදරවන්තයෙක් ලැබිලා තියෙද්දි එයා මේ විදිහට එයාව ගනන් නොගෙන අඩුම මූන දිහාවත් නොබලා මග හරිද්දි ජන්කුක් නම් හිටියෙ ඕනවටත් වඩා හිත රිදිලා හිතින් දහස් වාරයක් අඩන ගමන්....

අනික කවුරුත් නැති තැන් වල , විශේශයෙන්ම කැබින් එකේදී වගේ ටේහ්‍යුන්ග් කවදාවත් ජන්කුක්ට නමින් කතා කරන්නෑ...
එයා එක්කෝ ඒන්ජල් නැත්නම් වෙනත් ආදර වචනකින් අමතන්නෙ...
නමුත් අද.........
අද එයා ජන්කුක් කියලම කතා කලා...

හැබැයි ඒ කිසි වෙලාවක එයා ටේහ්‍යුන්ග් ගෙන් මේ ගැන අහන්න ගියෙ නෑ...
ගියෙ නෑ කියන්නෙ ඉතින් ටේහ්‍යුන්ග් ඔෆිස් එකේ වැඩක් ගැන අහන්න ජන්කුක්ට කතා කරලා ඒක අහගත්තාම ආයි යවන නිසා...

ඊයේ රෑත් හුඟක් රෑ වෙලා තමා ටේහ්‍යුන්ග් මැන්ශන් එකට ආවේ...
ජන්කුක්ගෙ සහ ටේහ්‍යුන්ග් ගෙ පුරුද්දක් තිබ්බ ඒ දෙන්න නිදාගන්නෙ එකම වෙලාවට...
ජන්කුක් ඉන්න අපාර්ට්මන්ට් එකෙ එයාගෙ කාමරෙ ජනේලෙට ටේහ්‍යුන්ග් ගෙ මැන්ශන් එකේ ටේහ්‍යුන්ග් ගෙ කාමරෙ ජනේලේ පේනවා...

ඉතින් එයා දැනගත්තා රෑ 11.30 වෙලා තියෙද්දිත් කිසිම ලයිට් එකක් නැතුව තියෙන්නෙ ටේහ්‍යුන්ග් නාපු නිසා කියලා...
ඒදේම ඇති ජන්කුක් ඊයෙ උදේ ඉදන් ටේහ්‍යුන්ග් කරපු දේවල් ඉවසන් ඉදලා ඇති වෙන්නම...
ඔව් ජන්කුක් ඇඩුව...
ජන්කුක් ට බයක් නොදැනුනාම නෙවෙයි...
එයාව මග ඇරියට වඩා එයා රෑ වෙනකන් හිටියෙ කොහෙද කා එක්කද , මොනාද කලෙ විශේශයෙන්ම ඒ කෙල්ලෙක්ද කියන හේතුව එයාගෙ පපුවෙ ගැබුරින්ම කා වැදුනු දෙයක්...

His Devotion 🐰🐯❤ (TK)Where stories live. Discover now