Part 3

149 36 2
                                    

Tae Pov :

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Tae Pov :

අදත් වෙනිද වගේම මට මහ කාලකන්නි දවසක් උනා...
ඉර එළියක්වත් මං ගාව තනි මකන්න ආස නැද්ද කොහෙද...ඒකනේ එලියක්වත් මගේ ජිවිතේට නැත්තේ...
මුළු කාමරේම අදුරේ ගිලිලා තිබුනේ දොර රෙදි නිසා...
මෙච්චර උදේ එක එලියක්වත් මගේ කාමරේට වැටුණෙ නෑ...
උදේ පාන්දරම මං හිතන්න ගත්තේ මං දැන් ජීවිතේ කොච්චර දුරක් ඇව්ත් ද කියලා...

නොදැනීම මගෙ ඇස් දෙකට කදුළු කැට එක දෙක එක් වෙමින් ඒවා කම්මුල දිග බිමට වැටෙන්න මගෙ ඇස් ඇතුලෙ පොරකනවා...
ඒත් මං ඒ කදුළු කැට බිමට වැටෙන්න නොදී ඇස් අගින්ම ඒවා පිහලා දාන්නෙ කවුරුත් මං දුර්වලයෙක් කියලා හිතන්නොනෙ නැති නිසා...
අප්පගෙ රූකඩයක් වෙලා ඉවරයි මං දැනටමත්...
කමක් නෑ හ්‍යුන්ග් හරි සතුටින් ඉන්නවනෙ අප්පගෙ කරදරයක් නැතිව

ම්ම් ඔයාලා මං කවුරු කියලද හිතන්නේ...?
හ්ම්ම්ම් මං ටේහ්‍යුන්ග් මහ ලොකු ලෝක ප්‍රසිද්ධ කිම් කම්පැනි එකේ හැමෝම කියනව වගේ ලොකු ඔලුවෙන් ඉන්න , අහංකාර , දඩම්බර , මූණෙ හිනා පොදක් නැති, තද ගති පැවතුම් තියෙන සීතල මනුස්සයෙක්...
හහ්හ්......!

හැමෝම මටයි මගේ චරිතෙටයි චරිත සහතික දුන්නට කවුරුත් අහන්නෑ ඇයි මං ඒ වගේ මනුස්සයෙක් උනේ කියලා...
කවුරුත් අහන්නෑ මේ ඉන්න ලෝකෙයක්ම දන්න කිම් ටේහ්‍යුන්ග් ගෙ ඇතුළෙ ඉන්න මනුස්සයා මොන වගේද ...? කියලා....

මගේ අප්ප කියන මනුස්සයා ඉන්නෙ...කිම් දේහ්‍යුන්ග්..
දැන් මං එයාට ඕන ඕන විදිහට එහාට මෙහාට වැනෙන නිකන්ම රූකඩයක් විතරයී..
මගේ ඔම්මා දැන් අපි අතර නැහ්..
මගේ ඔම්මා ඒ තරම් සල්ලිකාර පවුලක කෙනෙක් නෙවේ...වැඩිය සල්ලි නැති මධ්‍යම පන්තියේ කෙනෙක්...
ඔම්මයි අප්පයි ආදරෙන් හිටිය කියන්නත් බෑ...
අප්පට ලොකු උනේ සල්ලි..
එයා ටිකෙන් ටික දියුණු වෙද්දි එයාට සල්ලි , බලය කියන දේවල් වලින් හිතේ ආශාව පිරුණා...
ඔම්මට හ්‍යුන්ග්ව හම්බුනත් හරි අප්පා වෙනස් වෙන්න ගත්තා...
ඔම්මව අප්පා මැරි කරලා තියෙන්නෙ ඒ කාලෙ හැටියට ඔම්මලා ටිකක් වැදගත් යම්තාක් දුරකට සල්ලි තිබුන නිසා...
ඔම්මට ලෙඩක් හැදුනා ඒ කාලෙදී..එයාට තව දරුවෙක් වඩන්න තරම් එයාගෙ ශරීරය ඒ තරම් සුව තත්වෙක නෙවේ තිබුනේ...
ඔම්මට ඒත් තව දරුවෙක් ඕන වෙලා තිබ්බා...
හ්‍යුන්ග්නුත් චූටී කාලෙ සෙල්ලම් කරන්න තව බබෙක් ඕන කියලා ඉල්ලලා තිබුනා..
ඉතින් අප්පට ඒ තරහත් එක්කම ඔම්මගෙ වේදනාවයිත් එක්ක අප්පා ටික ටික වෙනස් වෙන්න පටන් ගත්තා...
ඔම්මව මග අරින්න ගත්තා...
ගොඩක් දවස් වලට රෑට ගෙදර ආවෙ නෑ...
ඒ මොකද ඔම්මා තව දරුවෙක් හදමු කියලා කියන හැම වෙලේම අප්පා අසරණ උනා...

His Devotion 🐰🐯❤ (TK)Where stories live. Discover now