part 6

114 30 1
                                    

After 1 Year 😄
.
.

අවුරුද්දක කාලයක් කෙමෙන් කෙමෙන් ගෙවී ගියා...
මේ කාලෙ ඇතුළට බොහෝ දේවල් සිදු වුණා...
දැන් ජන්කුක් යුනි එකේ Final Exam's ලියලා ඉවරයී...
ඒ වගේම එයා තමා ඒ පාර Batch Top වුණේ...
එදා යුනි එකේ අන්තිමට උත්සවේ දවසේ සාමාන්‍ය ලෙස නම් ඒකට ටේහ්‍යුන්ග් සහභාගී වෙන්නොනේ...
ඒත් නම්ජූන් ඒක නැවැත්තුවා...
මොකද ඒ ගොල්ලො දැන් ජන්කුක්ව kim company එකේ job එහෙකට යවන්න හදන නිසා...
ටේහ්‍යුන්ග් උත්සවේට ආවොත් ඒ ප්ලෑන් එකට මොනාම හරි වෙයි කියලා මෙදා පාර උත්සවේට ආවේ කිම් දේහ්‍යුන්ග් ඒ කියන්නෙ ටේහ්‍යුන්ග් ගෙ අප්පා...
දේහ්‍යුන්ග් සාමාන්‍යෙන් මේවගෙ දේවල් වලට එවන්නෙ ටේහ්‍යුන්ග්ව...
එයා එයාගෙ පුතාව මරන් කන්නැති ටික විතරයී...
ටේහ්‍යුන්ග්ටත් පුදුමයි මේ පාර අප්පා යන්නම් කිව්වාම...ඒත් එයා ඒක වැඩිය ගනන් ගත්තෙ නෑ
ඒක කලෙ වෙන කවුරුත් නෙවේ එයාගෙ ලොකු පුතා නම්ජූන් ...
අප්පා නම්ජූන් කියන දේ අහන නිසාම මේක නම්ජූන් ලව්වාම කියමු කියලා යෝජනා කලේ හොබී සහ සුගා...
නම්ජුනුත් තියෙන ඔක්කොම බටර් පාර ගාලා අප්පව එදා ගෙන්න ගෙන උත්සවෙ වැඩ කටයුතු ටික ඉවර කලා...

මේ අවුරුද්දක කාලෙදි
නම්ජූන් - ජින් සහ හොබී - ජෙනී එයාලගෙ ආදර කතා පටන් ගත්තා...

ඒවගේම අද තමයි ජන්කුක් kim company එකේ Interview එකට යන දවස...
එතන interview කරන්න ඉන්නෙ අපේ සෝප් ඩබල...
මුන් දෙන්නා ඉතින් interview කියන වචනෙ එන්නත් කලින්නෙ ජන්කුක්ව තෝරන් තියෙන්නෙ...
මේ වගක් ටේහ්‍යුන්ග් හැර අනිත් සැට් එකම දන්නෝ...😂
එක පාරට interview එකක් තියන්නෙ ඇයි ඇහුවාම මුන් දෙන්නා ටේහ්‍යුන්ග්ට කිව්වෙ ටේගෙ private secretary හැටියට එක්කෙනෙක් ගන්නොනෙ නිසා කියලා...
මොකද දැන් ඒ දෙන්නම Taken ඈයෝ වශයෙන් හැම වෙලේම වලිගෙ වගේ ටේහ්‍යුන්ග් ගාවින් ඉන්න බැරි නිසා කියලයි මෙයාලා ටේහ්‍යුන්ග්ට කිව්වේ...
බොරුවක් නොවෙන බොරුවක් මුන් දෙන්නා ටේට කිව්වා...
ටේත් ඉතින් ඒකට කිසිම විදිහකට දෙයක් කිව්වෙ නෑ...
මොකද සේවකයො වෙන්න කලින් ඒ ටේගෙ යාලුවො...
මෙච්චර කාලයක් හැම දුකේදිම ලගින් හිටියෙ ඒ දෙන්නා නිසා...

එතකොට ටේහ්‍යුන්ග් ගැන කිව්වොත් මේ අවුරුද්දක කාලෙදි එයත් හිටියට වඩා නපුරු උනා...
ඒ වගේම ලෙඩෙත් ටිකක් වැඩි උනා...
ඒ නම් එයාගෙ අප්පා නිසා...

His Devotion 🐰🐯❤ (TK)Where stories live. Discover now