Chapter 3

512 130 80
                                    

ඇත්තටම මට ඕනේ නෑ මගේ දරුවා ලෙඩෙක් කියන්න! ඒ උනත්__ එයා වයසින් ලොකු උනාට එයාගේ මනස අව්රුදු 5ක් 6ක් වගේ හරිම පොඩි කාලේ තියෙන්නේ! මගේ දරුවා මනසින් තාම පුංචි කෙනෙක්!

ඇස් වල පිරිලා තිබුන කදුලු ඇස් අස්සෙම හංග ගත්තු ජිමින්ගේ අප්පා අසරන විදිහට හිනාවෙලා ගිහින් ටේහ්‍යුන්ග්ගේ අත් දෙකෙන් අල්ලගත්තා! එයා එයාගේ පුංචි එකා වෙනුවෙන් සමාව ගන්න ඕනේ! එහෙම නේද!?

දරුවෝ! මගේ දරුවා නිසා ඔයාට කරදර උනාට සමාවෙන්න! මගේ ජිමිනි ඔයාට හිතලා වද කලේ  නෑ දරුවෝ! එයාට හිතෙන දේ එයා කරනවා මොකද එයාට කිසිම බරපතල කමක් තේරෙන්නෑ! අනේ සමාවෙන්න! ඔයාගේ මොනහරි නැති වෙලාද බලන්නකො දරුවෝ! මං අරන් දෙන්නම්!

ටේහ්‍යුන්ග්ගේ අත් දෙක සිනිදුවට අතගාපු ජිමින්ගේ අප්පා කිව්වේ ටේහ්‍යුන්ග් දිහා දිලිසෙන ඇස් වලින් බලාගෙන! ජිමිනි එහෙම නොව්නා නම්__ එයත් ටේහ්‍යුන්ග් වගේ ලස්සනට ඉදීවි හොට් විදිහට ඇදලා!

අ..අනේ මට ස්..සමාවෙන්න! ම..මං දැනන් හිටියේ නෑ ස්..සත්තයි! මං ඔලුව අල්ලලා දිව්රන්නද!? අනේ අංකල් සත්තයි ම්..මං දැනන් හිටියා නම් මෙච්චර නටන්නෑ සත්තයි මේ අම්මා පල්-- නෑ නෑ මං පල්ලා!

කලබලෙන් කියන් ගිය ටේහ්‍යුන්ග් ජිමින්ගේ අප්පාගේ ඔලුව උඩින් අත තියලා දිව්රුවා! එයාගේ ඇස් වල නම් ගැබුරින් අනුකම්පාව ඇදිලා තිබ්බා! වැඩේ තිබ්බේ එයා පොඩ්ඩක් විතර කලබලයි!

𝗟𝗢𝗩𝗘𝗥𝗦 (𝘃𝗺𝗸) ✔Where stories live. Discover now