Chapter 38 - Last Chapter

623 100 135
                                    

හ්..හ්‍යුන්ගී~ යන්න එපා!~

ඔලුව බිමට බර කරගෙන හිටිය ජිමින් කිව්වෙ කැඩුන කටහඩකින්! ජන්ග්කුක් වගේම ටේහ්‍යුන්ග්නුත් දැනගත්තා එයා අඩන්න යන්නෙ කියන්න!

බේබී! හ්‍යුන්ගි නොගිහින් බෑනේ පැටියෝ! මගේ ජිමිනි ටේටේ හ්‍යුන්ගි එක්ක බලන් ඉන්නවා නේද ආයෙම හ්‍යුන්ගි පරිස්සමින් එනකල්!?

ඔලුව බිමට බර කරන් ඉන්න ජිමින්ව පපුවට තුරුල් කරගන්න ගමන් ජන්ග්කුක් කිව්වෙ අනිත් අතින් ටේහ්‍යුන්ග්වත් ලං කරගෙන! එයා දැක්කා ටේහ්‍යුන්ග්ගේ ඇස් වල පවා ලාවට කදුලු පටලයක් බැදිලා තියෙනවා!

ඒනම් පලිස්සමින් ගීන් එන්න හොදද!? හැමදාම හ්‍යොන්ගිට කතා කලන්නම් අපි!

තමන්ගෙම බෝල අත් වලින් කදුලු පිහදගෙන ජිමින් කියද්දි ජන්ග්කුක් දුකෙන් ඒ උනත් ලස්සන හිනාවෙලා ඒ තොල් අල්ලගත්තා!

වෙන මනුස්සයෙක් දිහා බැල්මක් වත් දාන්න එපා තේරුනාද! මං වෙනුවෙන්ම ඉන්න ඕනි දෙන්නා!

ජන්ග්කුක් ටිකක් තදින් කියද්දි දෙන්නම හිනාවෙලා එයාලාගේ නපුරු ඉරිසියාකාරයගේ කම්මුල් වලින් හාදු තිබ්බා!

කව්රුත් එපා අපිට!

ජන්ග්කුක්ගේ ඇස් දිහා ආදරනීය විදිහට බලන් කිව්ව ටේහ්‍යුන්ග් යුනිෆෝම් එකට උඩින්ම ජන්ග්කුක්ගේ පපුවෙන් හාදුවක් තියද්දි ජන්ග්කුක් ඒ ඉස් මුදුන සිනිදුවර සිපගත්තා!

හ්‍යොන්ගී අපි ආදරෙයී!!!

මෙච්චර වෙලා පිටිපස්සට කරන් හංගන් හිටපු ලස්සන රෝස මල් පොකුර දික් කරන ගමන් ජිමින් කියද්දි ඒ දෙන්නාගෙන්ම ලස්සන හිනාවක් පිටවුනා!

𝗟𝗢𝗩𝗘𝗥𝗦 (𝘃𝗺𝗸) ✔Where stories live. Discover now