ටේහ්‍යුන්ග් හිටියේ එයාව හම්බෙන්න කෑම්ප් එකට ආව ජිමින් එක්ක හෙවනට වැවිලා තිබුනු ගහක් යට වාඩිවෙලා!
ටේහ්‍යුන්ග්ට දැනුනා එයාගේ උකුලේ ඔලුව තියන් එයාගේ බඩට මූන තද කරන් ඉන්න ජිමින්ගේ උරහිස් ගැස්සෙනවා! ඇදුමට උඩින් තෙත ගතියක් දැනෙද්දි ටේහ්‍යුන්ග් මුකුත්ම නොකියා ජිමින්ගේ කෙස් අතරින් ඇගිලි දිවෙව්වා!
බො..බොරුකාරයා! ආවේ නෑ එයා අ... අපි ලගට! ජිමින් ලගට නාවට තරහා න්..නෑ ජිමින්! ඒත් ඇයි එයාට බැරි ටේටේ ලගට එන්න! මං ත...තරහයි ජන්ග්කුක් එක්ක!
මගේ ජිමිනි! අඩන්න එපා පැටියෝ! ඔයා ඔහොම අඩන්න නම් ටේටේව හොයන් එන්නේ__ ඔයාට පුලුවන් නෑවිත් ඉන්න! ජන්ග්කුක් ගැන ලොකු විශ්වාසයක් තිබ්බට මං දන්නෑ ආපහු එයා එයිද කියලා! ඒ උනත් මං ලග ඉන්න එකම වස්තුවත් මෙහෙම අඩද්දි මං කොහොමද දරාගන්නේ කියන්නකෝ පන!? මාව මැරිලා යයි ඔයා ඔහොම විදවනවා බලන්! ජන්ග්කුක්ට ඕනේ උනේ මේක නෙවේ වස්තුව! අඩන්න එපා ජිමිනි!
ඉකි ගගහා අඩන ජිමින්ව තව තවත් තමන්ට වාරු කරගන්න ගමන් ටේහ්‍යුන්ග් කිව්වේ නිහඩවම ඒ ඇස් වලින් කදුලු ගලද්දි!
මිශන් එකකටයි කියලා ගියපු ජන්ග්කුක් මාස හතරක් ගෙවිලත් නෑවිත් ඉදිද්දි__ ගියපු දාහතර දෙනෙක්ගේ ටීම් එකෙන් දහ දෙනෙක් එක්ක තව පස් දෙනෙක් එද්දි ඒ කිසිම කෙනෙක් අතර එයාගේ උනුහුම උන ජන්ග්කුක් නැහැ කියලා දකිද්දි ඒ කඩන් වැටිලා ගියපු ටේහ්‍යුන්ග් නෑ ආයෙම ආවේ මේ කාලේ පුරාවටම! හිස් හැගීම් වලින් පිරුනු ටේහ්‍යුන්ග්, ජිමින් ලග සැනසෙන්න හැදුවත් වෙන කෙනෙක්ට සැනසීමක් දෙන්න තරම් ජිමින් ශක්තිමත් උනේ නෑ!