Chapter 29

455 113 111
                                    

හෝසොකී!!!! ඔයාගේ ජිමිනි බබා ආ.........වා!!!

තමන්ට වඩා ලොකු ඇදුම් දෙකක් ඇදගත්තු ජිමින් එයාගේ අත් දෙක දෙපැත්තට දික් කරගෙන කෑගහගෙන දුවගෙන ආවේ හෝසොක් දිහාවට! දුවන් ඇවිත් හෝසොක්ව බදාගත්තු ජිමින් දිහා ඇස් හතරක් බලන් හිටියා! අඩු වැඩි වශයෙන් ඒ ඇස් වල අයිතිකාරයෝ දෙන්නගෙම ඇදිලා තිබ්බේ තරහාවක්!

මාසයක් ගෙවිලා තිබුනු නිසා ජිමින්ගේ කොන්ඩේ ටිකක් වැවිලා තිබුනා! වැවීගෙන එන කොන්ඩේ එක්ක එයා තවත් හුරතල් පාට වෙලා තිබුනා! ඒ හුරතලෙත් එක්ක හෝසොක් වැඩි වැඩියෙන්ම ජිමින්ව හුරතල් කරන්න ගත්තේ ජිමින් හෝසොක්ගේ පිස්සු වැඩ වලට ආස වෙද්දි! හෝසොක්ගේ හැසිරීම, පිස්සු වැඩ ජිමින්ගේ අවදානේ ගනිද්දි දෙන්නෙක් නම් හොදටම පිච්චුනා!

හෝසොක් එක්ක ඉන්න එකට මුලින් මුලින් ජන්ග්කුක් ජිමින්ට නපුරු වෙද්දි ටේහ්‍යුන්ග් ජිමින්ව බේරුවත් තවත් නම් එයා එහෙම කලේ නෑ! එයාටත් ඉරිසියාව දැනෙනවා!

හෝසොක්ගේ ඇගේ එල්ලිලා හෝසොක්ව පොඩි වෙන්න බදාගෙන ඉන්න ජිමින් දිහා බලාගෙනම ජන්ග්කුක් එතනට යන්න ගත්තේ කලිසමේ පොකට්ස් වලට අත් ඔබාගෙන!

තමුන්ට පිස්සු හැදිලද ජිමින් ආහ්!? මොකක්ද මේ නටන විකාරේ!

වැලමිටට ටිකක් උඩින් අල්ලලා ජිමින්ව හෝසොක්ගේ ඇගෙන් ඇදලා ගත්තු ජන්ග්කුක් ඇහුවේ ජිමින්ව එහෙමම අල්ලගෙන හොලවන ගමන්! ජන්ග්කුක් අත අල්ලන් ඉන්න විදිහට රිදුන ජිමින් වේදනාවෙන් ඇස් පොඩි කරගන්නවා දැනුනත් අද ජිමින්ට බුරුලක් පෙන්නන්න ජන්ග්කුක්ට ඕනේ උනේ නෑ!

අහ් ජ්..ජන්කුකීහ්~

ජිමින් කියවද්දි තව ටික්ක් අත තද කරපු ජන්ග්කුක් ජිමින්ව පස්සට තල්ලු කලා!

මං අනන්ත පාරක් කියලා තියෙනවා ඕනෙවට වඩා ඕනෙම දෙයක් ඕනේ නෑ කියලා! තමුන්! ජිමින් තමුනුයි මාව ඌමනාවෙන්ම කේන්ති ගස්සන්නේ! තමුන් එක්ක වැඩ කරද්දි ඉවසපු තරන් මං වෙන කොතනකදිවත් ඉවසලා නෑ! එහෙම කරලත්__

𝗟𝗢𝗩𝗘𝗥𝗦 (𝘃𝗺𝗸) ✔Where stories live. Discover now