Chapter 8

431 120 63
                                    

හ්‍යොන්ගී මේ සෝස මල් ඔක්කුම ඔනාට! හ්‍යොන්ගි ඉක්මනින් අප්පා වගේ ඔකු වෙලා එන්න හෝත!?

කැම්ප් යන්න ලෑස්ති වෙලා ගෙදරින් එලියට බහින්න හදන ටේහ්‍යුන්ග්ගේ අතකින් මල් පොකුර රදවන ගමන් ජිමින් හුරතලෙන් තොල් උල් කරමින් කියද්දි ටේහ්‍යුන්ග් ලාවට කදුලින් දිස්නේ දෙන ඇස් එක්ක ජිමින්ගේ මූනට නැමුනා!

හ්‍යුන්ග්ට පාලු හිතෙයි පොඩ්ඩගේ දග වැඩ නැතුව! මල් පොකුරට ස්තුතියි සෝස මල! හ්‍යුන්ග් ජිමිනිගේ අප්පා වගේම ලොකු වෙලා එන්නම්කො හොදද!? ජිමිනිත් තව හුරතල් බෝලයක් වෙලා ඉන්නවා නේද හ්‍යුන්ග් එද්දි!

ජිමින්ගේ කම්මුල් මාරුවෙන් මාරුවට සිපගන්න ගමන් සිනිදුවට අතගාපු ටේහ්‍යුන්ග් ජිමින්ගේ අම්මවත් බදාගෙන ජිමින්ගේ අප්පා එක්ක වාහනේට නැග්ගා!

ජිමිලි බබා ආදොරෙයි හ්‍යෝ............
...න්ග්!

ඈත නොපෙනී යන ටේහ්‍යුන්ග්, අප්පා දෙන්නට අත වනන ගමන් ජිමින් කෑගැහුවා!
.
.
.

ටේහ්‍යුන්ග් පුතා! අතනට යන්න එතනින් හැමදේම දැනුවත් කරයි ඔයාලව!

කෑම්ප් එකට ඇතුල්වෙන තැනම රැස් වෙලා ඉන්න අලුතෙන් හමුදාවට බැදෙන අයව පෙන්නලා ජිමින්ගේ අප්පා කියද්දි ටේහ්‍යුන්ග් ඔහුට සමුදීලා නවකයන් අතරට එකතුවුනා!
.
.
.

ටිකකින් හමුදා සෙබලු කීපදෙනෙක් ඇවිත් එයාලගේ තොරතුරු, විස්තර තහවුරු කරලා එයාලගේ බෑග්ස් චෙක් කරලා එයාලව රූම්ස් වලට බෙදුවේ පුහුනුවීම් කාලසටහන් හැම රූම් එකකම සටහන් කරලා තියෙන බව කියලයි!

බෙදීයන්න අන ලැබෙනවත් එක්කම සෙබලු පිරිසක් මග පෙන්නද්දි එයාලා ඒ යටතේ රූම්ස් වලට බෙදිලා ගියා! ඒ උනත් රූම්ස් වලට ඇතුල් වෙද්දි එයාලගේ ෆෝන්ස් අරගන්න නම් එයාලා වගබලාගත්තා! එයාලට පැනවුන අතිශය වැදගත් නීතිය 'පිරිසිදුව ඉන්න' එක!

𝗟𝗢𝗩𝗘𝗥𝗦 (𝘃𝗺𝗸) ✔Where stories live. Discover now