Chapter 9

393 121 83
                                    

ආහ් මගෙ ඔ..ඔලුවහ්~

වොශෲම් විස්සක් විතර පිරිසිදු කරපු ටේහ්‍යුන්ග් කැරකිල්ලක් වගේ දැනෙද්දි ඔලුව අල්ලගෙනම වොශ් රූම් එකක දොරට බර උනා! හැමදේම අදුරු වෙනවා දැනෙද්දි විසි වෙවී වගේ අඩි දෙක තුනක් ඇවිදන් ආව ටේහ්‍යුන්ග් එහෙමම කලන්තේ දාලා බිම ඇදගෙන වැටුනා! ඒ එක්කම බිම තිබුන ගැට්ටක නලලේ පැත්තක් වැදිලා තුවාල වෙලා ගියා!
.
.
.

කිම් ටේහ්‍යුන්ග්! තමුන්ට හරියට පනක් වත් නැද්ද ආහ්!? ඇත්තටම කොහොමද ඔය තරම් සියුමැලි වෙලා මේ පුහුනුවීම් වලට මූන දෙන්නෙ!? කොල්ලෙක් නේද! වොශෲම් විස්සක් විතර පිරිසිදු කරලා ෆේන්ට් වෙලා වැටුනම හරිද! ඔව් ඉතින් ගෙවල් වල ඉන්න ඇත්තෙ පව්ඩර් බබාලා වගේ වෙන්න ඇති!

ටේහ්‍යුන්ග්ට සිහිය ආව ගමන් දේවල් පැහැදිලි කරගන්නවත් නොදී ජන්ග්කුක් කියෝගෙන ගියා! ටේහ්‍යුන්ග් කලන්තෙ දාලා ඉන්නවා දැකලා කෙනෙක් එයාව උස්සන් මෙඩිකල් යුනිට් එකට ඇවිත්! ඒ දේ දැනගත්තම ජන්ග්කුක් ආවේ ටේහ්‍යුන්ග්ට බැනලා යන්න!

ආහ් පොඩ්ඩක් කට වහගන්නවකො වදේ!! මගේ ඔලුව රිදෙනවා!!! ම්ම්හ්!

ඉන්නෙ කව්දවත් බලන්නෙ නැතුව තමන්ගේ ඔලුවෙ වෙලලා තියෙන බැන්ඩේජ් එක අල්ලගෙනම ඇදේ පැත්තකට පෙරලිලා වකුටු උනා! ටේහ්‍යුන්ග්ගේ වැඩ නිසා උපරිම කලකිරිලා කේන්තියෙන් හිටිය ජන්ග්කුක් හුස්මක් ඇදලා තොල හපාගත්තෙ මොනා උනත් 'ලෙඩෙක්' නෙ කියලා හිතන්! ඒ උනත් ඒත් එක්කම ටේහ්‍යුන්ග්ගේ බඩ සද්දෙට කෑගහද්දි ජන්ග්කුක් ඇහිබැමි අකුල ගත්තා!

කිම්! තමුන් කාලා නැද්ද ආහ්!?

මොන කනවද! අපිව ගගහා එක්කගෙන ආවා! පස්සෙ තමුන් ඇවිත්, මං අර වැරැද්ද කලා මේ වැරැද්ද කලා කියලා පනිශ් කරා! මේ ඔක්කොටම හේතුව ඔහේ! මං ඔහොම මහංසි වෙලා නෑ මීට කලින්! ඒකත් බඩගින්නෙ! මට බඩගිනි කන්න මොනහරි දෙනවා!

𝗟𝗢𝗩𝗘𝗥𝗦 (𝘃𝗺𝗸) ✔Where stories live. Discover now