Chapter 7

456 133 139
                                    

ම්හ්හ්හ්හ්ම්ම්ම්~ ඇහැරෙන්න බෑහ්~

ඇද පුරා අත පය විසි කරලා හිරි අරින ගමන් ටේහ්‍යුන්ග් ලොකු ඈනුමක් යැව්වා! එයාට හොදට නිදාගන්න කියලා අව්රුදු දෙකකට තියෙන අන්තිම දවස අද නිසා එයාට ලෝබ හිතුනා ඇදෙන් නැගිටින්න! උදේ නැගිටින එක ටේහ්‍යුන්ග්ට පේන්න බෑ! ඒකනේ දැන් වෙලාව එකොලහත් පහු වෙලා සටහන් වෙලා තිබුනේ!

ටොක් ටොක් ටොක්!

තාමත් ඇදේ ගුලි වෙලා හිටපු ටේහ්‍යුන්ග්ට ඇහුනා එයාගේ දොරට කෙනෙක් නොක් කරන ගමන් සිනිදු කටහඩක් බැරෑරුම් කරලා 'ටොක් ටොක්' කියනවා! ආවේ කව්ද කියලා දැනගත්තු ටේහ්‍යුන්ග් ඇස් පොඩි කරන ගමන්ම හිනාවෙවී ඔලුව දෙපැත්තට වැනුවා!

කව්ද මේහ්!?

ටේහ්‍යුන්ග් සද්ද නොනැගෙන්න හිනාවෙවී ඇහුවේ ජිමින්ගේ හුරතල් වැඩ වලට ආස වෙලා!

කව්ත මේ කීලා අහන්ල එපා අනේ! කව්ත ආවේ කීලා අහන්ල!

ජිමින්ගේ බැරෑරුම් කටහඩ නැතිවෙලා ගිහින් සිනිදු කටහඩෙන් ඇහෙද්දි ටේහ්‍යුන්ග් නලලේ අත ගහගත්තා! අනිවාර්යයෙන් ජිමින් තොල් පෙරලන් මූන කලු කරන් ඇති එයාට ඕනේ උත්තරේ ආවේ නැති නිසා!

ඕහ් සොරි සොරි! කව්ද ආවේ!?

ටේහ්‍යුන්ග් ආයේ ඇහුවේ තොල් හපාන!

රාශ්ශයෙක්! Grrrrr! ටේ ටේ හ්‍යොන්ගිව කාලා නන්න ආවේ! Grrrr!

ජිමින් ආයෙම බැරෑරුම් විදිහට ගොරෝ ගොරෝ කියද්දි ටේහ්‍යුන්ග් මහා හයියෙන් හිනාවෙන්න ගත්තා! එයාව කන්න!? මේ පුංචි ජිමින්! 'එයාගේ මූන දැන් හුරතල් ඇති!' ටේහ්‍යුන්ග් හිත හිත රාක්ශයෙක් වගේ ගොරවන්න හදන ජිමින්ගේ මූන මවාගත්තා!

ජිමිනි-- ආහ් නෑ නෑ රාශ්ශයා හිනාවෙල ලමයිව ගීනෝ! Grrrr!!

𝗟𝗢𝗩𝗘𝗥𝗦 (𝘃𝗺𝗸) ✔Where stories live. Discover now