150

17.3K 195 13
                                    

#දුඹුරු_සඳ_150

🌙🤎__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

රොවේන් ආපසු ඔහුගේ නිවසට යද්දී සියල්ල ක්‍රම ක්‍රමයෙන් සාමාන්‍ය අතට හැරෙන්නට වූයේ ආග්නගෙ සිතෙහි බර අඩු කරමින්. නමුදු විණාරා කාට හුරු වූවත් තවමත් ඇයට ආග්න පෙනෙන මානයක සිටිය යුතු වද්දී ආග්න කළේ ඇයව තමන්ට අවැසි ගමන් යද්දී රැගෙන යාම.

"විණාරා..."

"ම්ම්?"

"මේ වීකෙන්ඩ් අයියලා එනවා."

ආද්නව් තූර්වී හා පීහු සමග විණාරා දැන් සම්බන්ධකම් පැවත්වූවත් ඔවුන්ට ලංකාවට පැමිණීමට ඉඩක් නොලද නිසාවෙන් ඔවුන් හමුවීම කල් ගියේ. නමුදු තවත් දින කිහිපයකින් ඔවුන් මෙහි පැමිණෙන බව අසද්දී විණාරාගෙ මුහුණේ ඇඳුනේ සිනහවක්.

🌙🤎__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

එදින රාත්‍රියේ ආග්න කාර්යාල කුටියේ සිට කුටියට පැමිණියේ තරමක කල්පනාවක. තවත් මොහොතකින් ඔහු විණාරාව අමතන්නට වූයේ තරමක් බැරෑරුම් හඬකින්.

"විණාරා..."

ඔහු හඬට විණාරා හැරී බලන්නට වූයේ දෑසින් ඇයිදැයි සන් කරමින්. දැන් දැන් ආග්නට ඈ දෙනෙතෙන් කරනා ඉඟි, සන්නිවේදනය හුරුවී ගොසින්.

"බ්‍රවුන් ග්ලෝ බ්‍රෑන්ඩ් එකේ ඩවුන් වුණ මාකටින් හදන්න ප්‍රමෝෂන් එකක් ඇරේන්ජ් කරන්න ඕනේ.

සෝ මට මේ වීක් එකේම කම්පනි එකට යන්න වෙනවා."

ඉඳින් තවමත් ඇය තමා ඇයව දමා යන වගක් පවසද්දී තිගැස්සෙන අයුරු ඔහු දෙනතට හසුව ගියේ අපූරුවට.

"ඔයාටත් මාත් එක්ක යන්න වෙනවා."

ඔහු එලෙස පවසද්දී ඈ දෙනෙත් තුල සැනසීමක සේයා ඇඳී ගියේ ඉබේම.

පසුදින උදෑසන ආග්න  විණාරාවද කැටුව යන්නට වූයේ තම ආයතනයට. කොළඹ කොටුවට මුහුණලා තිබූ දැවැන්ත උස් ගොඩනැගිල්ලෙහි ආග්නගේ කාර්යාල කුටිය වූයේ දොළොස්වන මහළෙහි.

"මං කලිනුත් ඇවිත් තියනවද මෙහෙ?"

ඉඳින් ඔහු කාර්යාල කුටියෙහි වීදුරු බිත්තියට එපිටින් පෙනෙනා ඉමක් කොනක් නොවූ සයුර මත නෙතු රඳවාන ඈ විමසන්නට වූයේ
ආග්න වැඩකටයුතු සඳහා සූදානම් වෙද්දී.

දුඹුරු සඳ (150 කොටසේ සිට. මුල් කොටස් නැත)Where stories live. Discover now