152

3.7K 89 4
                                    

#දුඹුරු_සඳ_152
🌙🤎__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

ඉඳින් ඔහු වදන් වලට ඔහු ක්‍රියාවන්ට සියලු හැඟීම් පරදවා හිතට විසල් ලැජ්ජාවක් ගලන් එද්දී විණාරාගේ නෙතු නැවතත් නැඹුරුව ගියේ බිමට.

“හේයි...අයි සේඩ් නොට් ටු ලුක් අවේයි..”
(හේයි...අහක බලන්න බෑ කියලා මම කීවනේ.)

නැවතත් ඈ නිකටෙන් අල්වා ඒ උවන උඩට හරවා ගනිද්දී විණාරා ඉහළට ඇද පිටකරනට වූයේ තරමක ගැඹුරු හුස්මක්.

“අ..නේ...”

ආග්නගේ අතැඟිලි ඈ කොපුල දිගේ ලවන්පෙති දෙසට හෙමිහිටම රූරා එද්දී විණාරාට මිමිණුනේ කෙඳිරියක් විලසට.

“මොකද අනේ ගාන්නේ ම්?”

කෙඳිරියක් බඳු හඬකිම් ඔහු විමසන්නට වූයේ තම දෙතොල් ඈ කොපුල් මත ස්පර්ෂ වන නොවන තරමටම ඈ උවන දෙසට නැඹුරුව.

“ය..න්..න දෙ..න්නකෝ..”

ඉඳින් ලැජ්ජාව මුහුවූ තැතිගැන්මක් සිතට දැනෙද්දී ඈ මුමුණන්නට වූයේ ඔහු දෙනෙත් දෙසට එකම එක් බැල්මක් පා කර හරිමින්.

“ම් ම්. කොහෙ යන්නද?”

ඔහු විමසන්නට වූයේ ඈ නිකට ආසන්නයේ වූ තම මහපටැගිල්ල ඈ යටිතොල මතට ගෙන එමින්. එතනින් නොනැවතී ඔහු තම මහපටැගිලි තුඩ සියුම්ව ඈ ලවන් මත එහෙ මෙහෙ කරනට වූයේ දැනෙනා කිතියට විණාරාගේ දෙතොල්පට එකිණෙක තදව යද්දී.

ඉඳින් මතකය අහිමිවූ පසුව ඈ කෙරෙන් දිස්වූයේ වෙනස්ම චරිතයක් වූවත් මෙසේ ඇයට සමීප වද්දීනම් ඈ හැසිරෙන්නේ පෙර උන් විණාරා පරිදිවම නොවේද? ආග්නගේ නෙතු වලට හසුවූයේ වේගයෙන් ආශ්වාස ප්‍රාශ්වාස කරද්දී උස් පහත් වන ඈ ළයත්, බියත් කලබලයත් මුහුවූ ඈ නෙතු නොසන්සුන්ව එහෙ මෙහෙ දිවෙනා ආකාරයත්, තමාගේ සෑම සමීපවීමක් හමුවේම සෑම ස්පර්ෂයක් හමුවේම සැලෙනා, නොසන්සුන් ඇයව. එක් තප්පරයකට තමාට අහිමිව ගිය පරණ විණාරා තම දෑස් අස්සේ හිඳින වගක් දැනෙද්දී ආග්නට දැනුනේම ලෝබකමක්.

ඊළඟ මොහොතේදී ආග්න තවත් නැඹුරුව දෙතොල් තැවරූයේ ඈ කොපුලක් මත්තෙහි. ඒ උණුහුම් දෙතොලෙහි පහස තම කොපුල මත නවාතැන් ගනිද්දී විණාරාගේ දෑස් පියවී ගියේ අනිච්චානුගවම.

දුඹුරු සඳ (150 කොටසේ සිට. මුල් කොටස් නැත)Tahanan ng mga kuwento. Tumuklas ngayon