175🌼

1K 144 18
                                    

#දුඹුරු_සඳ_175 🌼

“ගුඩ් මෝර්නින්ග්... ”

සුව නින්දක උන් ඇය අවදි වන්නට වූයේ උදෑසන අටත් පහුවූ හෝරාවේ. ඇය සමීපයේම සයනය මතට වීගෙන ලැප්ටොපය සමඟ හුන් ආග්න හෙමිහිටම නෙතු විවර කරලු ඈ කොපුලක් මත හාදුවක් තවරා නෙතු නවතාන උන්නේ ඇය මත්තේම.

“අද යන්නෙ නැද්ද ඔයා?”

වෙනදා උදෑසනම පිටත්ව යන ඔහු අද සාමාන්‍ය ඇඳුමකින් සැරසීගෙන හිඳිනු දකිද්දී ඇය විමසන්නට වූයේ තරමක උද්‍යෝගයකින්.

“එක්කෙනෙක් ඊයෙ රෑ කිව්වනෙ ඇහැරෙනකොට ළඟ ඉන්න කියලා... සෝ ආයෙම රණ්ඩුවක් අල්ලන්න කලින්  අද ලීව් එකක් දැම්මා...”

එවරනම් ඇයගේ දෑස් පවා දිලිසෙන්නට වූයේ ඔහු අද දින පුරාවටම තමන් අබියස හිඳිනවා නේදැයි කියා සිත උද්දාමයෙන් කරණම් ගසද්දී.

“ඒ කියන්නේ අද කොහෙවත්ම යන්නෙ නැද්ද?”

මුවකොණක ඇඳුණ මන්දස්මිතය සඟවා නොගෙනම ඇය විමසද්දී කළේ ඔහු නැතැයි කියන්නට හිස දෙපසට චලනය කරලීම. ඉඳින් ඒ තත්පරයේ ඔහු දෑස් වලට හසුවූයේ ඈ උවන මත සටහන් වන උතුරා යන පිරිපුන් සිනහවක්.

“බඩගිනියි මට...”

තවත් මොහොතකින් බ්ලැන්කට්ටුව සිරුර වටා දවටාන ඈ සයනයෙන් බැසගන්නට වූයේ එලෙස මුමුණමින්.

“වොශ් දාගෙන එන්න ඕර්ඩර් කරන්නම් කෑම. වට් ඩූ යූ නීඩ්?”

තමාට පිටුපා නානකාමරය දෙසට ඇවිදන් යන ඈ රුව මත්තේම නෙතු තබාන ඔහු විමසද්දී විණාරා හැරී බලනට වූයේ නානකාමරයෙහි දොර අබියස නැවතීගෙන.

“ම්ම්... පොළොස් ඇඹුලකුයි, සුදු බතුයි, චිකන් මිරිසට...”

මොහොතක් දෑස් ආයාගෙන බලාන හුන් ඇය ඊළඟ මොහොතේ එලෙස පවසද්දී ආග්නගේ දෙනෙත් විසල්ව යන්නට වූයේ ඉබේම.

“වට්?”

“පොළොස් උයන්න වෙලා යන නිසා අර ඇතුළේ රෝස පාටට හිටින්න උයපු පොළොස් ඇඹුලයි, කළුවට උයපු චිකන් එකයි එක්ක සුදුබත් දවල්ට කන්නම්...

එතකන් චීස් පැස්තා හොඳයි... සොසේජස් එක්ක.”

තම මුවත් මදක් ආයාගෙන වික්ෂිප්තව ගිය නෙතින් ඔහු බලන් හිඳිද්දී විණාරා නානකාමරය තුළට පියවර ඇහිඳින්නට වූයේ ඔහු දෙස හැරී නොබලාම. ඉඳින් දින ගණනාවක් තිස්සේ හරිහමන් අහරක් නොගත් නිසා ඇය උන්නේ හොඳටෝම කුසගිනි වීගෙන. ඇයට දැනෙනා දැඩි කුසගින්න හමුවේ ඇයට සිහිවන්නේ නේකවිධ ආහාර වර්ග.

දුඹුරු සඳ (150 කොටසේ සිට. මුල් කොටස් නැත)Where stories live. Discover now