164

3.1K 206 15
                                    

#දුඹුරු_සඳ_164

දෙබැම මදක් ඉහළට ඔසවා ආග්න තම ළයෙන් සාමාන්‍ය හුස්මකට ගිලිහී යන්නට ඉඩ දුන්නේ ඊට වසර කිහිපයකට පෙර තමා ඉදිරියේම ග්‍රිස්වර්ඩ් නම් වෙළඹගේ ජීවිතය අවසන් කරන්නට එම පෘතුගීසි ජාතික ව්‍යාපාරික හිතවතා තීරණය කළ මොහොත සිහිවද්දී.

"ග්‍රිස්වර්ඩ්ට තිබ්බෙ අමුතු ඇස් දෙකක්. එයාව එදා හවස මරලා දාන්න තීරණය කරේ එයා ඉස්සහම. එවෙලෙ ග්‍රිස්වර්ඩ්ගෙ ඇස් දෙක දැක්කම මට එයාට එහෙම මැරෙන්න ඉඩ අරින්න බැරිවුණා."

ඉඳින් ග්‍රිස්වර්ඩ් නම් වෙළඹ පිළිබඳව සානුකම්පිතව කතාව අසාගෙන හුන් විණාරාට ආග්නගේ එම අවසන් වැකිය ගෙන ආවේ සහනයක්.

"ඔයා එයාව මෙහෙ ගෙනාවද?"

විණාරා විමසද්දී ආග්න කළේ ඔව් කියන්නට හිස උඩට පහළට චලනය කිරීම.

"ගෙනල්ල ට්‍රීට් කරා. ඉස්සර තරම්ම වේගෙන් දුවන්න බැරිවුණත් එයා දැන් හෙල්දි. මෙහෙට ගෙනල්ලා ට්‍රීට් කරද්දියි දැනගත්තේ එයා ඉඳල තියෙන්නෙ තනියම නෙමෙයි කියලා."

විණාරා අසල භූමියේ ඩේසි මල් අතර තෘණ කමින් හුන් අශ්ව පැටවා දෙස බලා ආග්න පවසද්දී විණාරාගේ හුන්නේ දෙනෙත් ආයාගෙනම.

"එයා ප්‍රෙග්නට් වෙලාද ඉඳල තියෙන්නේ?"

"ම්ම්.. එකක් කියල හිතුවට එතන ජීවිත දෙකක් තිබිලා..."

ආග්න පවසන්නට වූයේ තෘප්තිමත් හැඟුම් ධාරාවකින් තම හදෙහි කපාට පිරී යනවා මෙන් දැනෙද්දී. ඉඳින් මොහොතක් විණාරා තම දෙනෙත් ඔහු උවන මතම නවතාන උන්නේ හද අභ්‍යන්තරයේ ඔහු කෙරෙහි වූ ගෞරවය, ප්‍රේමය මුහු හැඟීම තව තවත් තර වෙද්දී.

"It's getting dark Vinara. We have to go."
(කළුවර වැටෙනව විණාරා. අපි යන්න ඕනෙ)

ඉඳින් හදවතට බරට, සනීපයට දැනෙනා තත්පරවල ඇලීගෙන හුන් දෙදෙනාටම වගක් වූයේ නෑ හිරු බොහෝදුරට බැස ගොස් ඇති බවට. ඩේසි මල් යාය කෙළවර කඳු බෑවුමට එපිටින් රඹ පැහැයෙන් දිස්වූ අහස දැන් පෙනෙන්නේ අඳුරු රතු පැහැයක් තැවරුණු දුඹුරු පැහැයට.

හදිසියෙන් මෙන් නැගිටගත් ආග්න දෑතින් හැඳවුන් මිලාධික සන්නාමයක කලිසමෙහි පසුපස පිසදමාගත්තේ එහි වූ කොළ රොඩු, වියළි තණකොළ කැබැලි පිස දමන්නට.

දුඹුරු සඳ (150 කොටසේ සිට. මුල් කොටස් නැත)Where stories live. Discover now