171

3.9K 238 25
                                    

#දුඹුරු_සඳ_171

හිසට පසුපසින් කොටසෙහි හිස හේත්තු කරගෙන විණාරා දෑස් පියාගනිද්දී ඈ මලානික උවන මතම නෙතු නවතාන උන් ආග්නට දැනුනේම ළය අභ්‍යන්තරයෙන් තැනක දැඩි රිදුමක්. ඒ රිදුමට සාපේක්ෂවම ළයෙන් බරැති හුස්මක් ගිලිහෙන්නන්නට හැර, ඔහු තම ඉඩ දුන්නේ තවත් තප්පර ගණනාවකටම තම බැල්මට ඈ උවන මත රැඳෙන්නට.

“අමාරුද විණාරා?”

ඈ නිසොල්මනේම හිඳිද්දී ආග්න විමසන්නට වූයේ ඈ කොපුලක් යාන්තමින් පිරිමැද. දෑස් නෑරම විණාරා හිස යන්තමින් දෙපසට චලනය කරන්නට වූයේ නැතැයි කියන්නට.

“වතුරෙ ගොඩක් වෙලා ඉන්න බෑනේ. ඉක්මනට වොශ් දාන් යමු.”

මිනිත්තු කිහිපයක්ම ගෙවෙන්නට හැර ආග්න පවසන්නට වූයේ විණාරා දෑස් පියාගෙන 'හා' කියන්නට හිස උඩට පහළට කරද්දී. නමුදු තවත් මිනිත්තුවක් දෙකක් ගෙවෙන්නට හැරියද ඇය හුන් ඉරියව්වෙන්ම උන්නේ කිසිදු චලනයක් නොකරම.

ඊළඟ මොහොතේදී ආග්න ඉදිරියට නැවී වමත්ල තෙමා ගෙන විණාරාගේ කොපුලක් ජලයෙන් තෙත් කරන්නට වූයේ විණාරා හෙමිහිටම දෑස් විවර කරද්දී. ඈ දෙනෙත් තුල පවා වූයේ මලානික, තෙහෙට්ටු ගතියක්.

සීරුවට අතැඟිලි වලින්, අත්ලෙන් ඈ කොපුල් ජලයෙන් පිස දමනා ආග්න මතම විණාරා නෙතු තබාන උන්නේ රිදුම් දෙන කුමක්දෝ හැඟීමක් හදවත තුල තෙරපෙනවා දැනෙද්දී.

ඊළඟට බොඩි වොශ් ස්වල්පයක් අත්ලට ගෙන පෙණ එන තුරු අතුල්වාගත් ආග්න එය විණාරාගේ ගෙලෙහිත් උරහිසෙහිත් තවරන්නට වූයේ විණාරා ඔහු මේ මෘදු හැසිරීම් ඉදිරියෙහි ගොලුවීගෙන හිඳිද්දී.

“ටිකක් කෙළින් වෙන්න.”

පිට දිහායින් ඈ බඳට යටින් අත දමා විණාරාව මදක් නැගිට්ටවමින් ආග්න පවසන්නට වූයේ විණාරාත් ඔහුට සහයෝගය දෙද්දී. දැනටමත් ඔහු හැඳවුන් ශර්ටයත් තෙමී ගොසින් බව විණාරාගේ නෙතට හසුවද්දී ඇයට දැනුනේ වරදකාරී හැඟීමක්. ඈ නෙතු හොඳින් ඔහු මුහුණ මත දිවයද්දී ඇයට පෙනුනේ ඔහු තුළ වූ විඩාව.

“ඔයා..වත් තෙ..මෙනවා..”

ආග්න අතින්ම ඔහු ශර්ටයේ පපු පෙදෙසට වතුර ඉහෙද්දී විණාරා මුමුණන්නට වූයේ ඔහු තෙත් ශර්ටයේ අතින් පිසදමා. එවරනම් ආග්නගේ දෙතොල් මත ඇඳුනේ වශීකෘත මන්දස්මිතයක්.

දුඹුරු සඳ (150 කොටසේ සිට. මුල් කොටස් නැත)Where stories live. Discover now